මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රථම වරට වර්ණ ප්‍රදානය කෙරේ

    මැයි 04, 2016

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ප‍්‍රථම වරට වර්ණ ප‍්‍රදානය කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 32ක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 2015 වර්ෂයේ කි‍්‍රඩා අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 154 දෙනෙකු මෙහිදී සිවිල් ආරක්ෂක කී‍්‍රඩා වර්ණ ලබා ගත්හ.

    ඔවුන් අතරින් කී‍්‍රඩා ඉසව් 12ක තෝරාගත් දක්ෂතම කී‍්‍රඩක, කී‍්‍රඩිකාවන්ට විශේෂ සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    එමෙන්ම 2015 වසරේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස පා පැදි තරගවලින් දක්ෂතා පෙන්වමින් ඉන්දියාවේ ෂිලොන් සහ ගුවහාති පැවැත්වෙන 12 වැනි දකුණු ආසියාතික තරගාවලිය සඳහා ජාතික මට්ටමෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කරන කාන්තා සිවිල් ආරක්ෂක ඊ.ඒ.එන්. ශ්‍යාමලි මෙනවිය ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්තාය.

    දක්ෂතම කි‍්‍රඩකයා ලෙස සම්මාන ලබා ගත්තේ පාපන්දු කී‍්‍රඩාවෙන් දක්ෂතා පෙන්වමින් ජාත්‍යන්තර තලයේ තරග නියෝජනය කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ගෞරවයක් ලබාදුන් එෆ්.බී.සී සම්පත් මහතායි.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් වර්ධනය කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා ශක්තියක් වෙමින් මෙම වර්ණ ප‍්‍රදානය සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිළධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya