මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ වාර්තාව හෙට දහවල් 12.00ට කතානායකවරයාට -නියෝජ්‍ය කතානායක

    මැයි 03, 2016

    පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ  මන්ත්‍රීවරු දෙපිරිසක් අතර අද (03) ඇති වූ ගැටුම පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණ වාර්තාව හෙට දහවල් 12.00ට කතානායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයෙන් පසුව පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන ලදී. ඉන් අනතුරුව අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසී ය. මාධ්‍ය සාකච්ඡාවට කාරකසභා සභාපති එස්.අඩෙක්කලනාදන් මහතාද සහභාගී විය.


    ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස නියෝජ්‍ය කතානායකවරයාට සහ කාරකසභා සභාපතිවරයාට කතානායක කරූ ජයසූරිය මහතා නියෝග කළේ ය.


    ඒ අනුව පරීක්ෂණය ආරම්භ කරන බවත් හෙට දින අදාල පරීක්ෂණ වාර්තාව හෙට කතානායකවරයාට ලබාදෙන බවත් පැවසූ තිලංග සුමතිපාල මහතා, ඇති වූ සිදුවීම පාර්ලිමේන්තුවේ අභිමානයට මහත් කැළලක් බවත් ප්‍රතිරූපය හානියට පත් වීමක් බවත් සිද්ධිය හෙළාදකින බවත් ප්‍රකාශ කළේ ය.


    සිදුවීම සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා ද කණගාටුව පළ කර සිටි අතර කතානායකවරයාද සිදුවීම හෙළාදකින ලදී.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වන අතරතුර විපක්ෂයේ මත්‍රීවරු පිරිසක් සභාගර්භය මධ්‍යයට පැමිණ විරෝධතා දැක්වීය. ඉන් අනතුරුව සභාගර්භය මධ්‍යයේ සිටි මන්ත්‍රීවරු අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya