මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිදුවීම තරයේ හෙළා දකිනවා - වර්තාව ලද වහම සුදුසු තීරණයක් ගන්නවා- කතානායක

    මැයි 03, 2016

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන්  පරීක්ෂණයක් කොට වාර්තාව වහාම තමා වෙත ලබාදීමට දැන්වූ බවත් එම වර්තාව ලද වහාම එම සිද්ධිය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බවත් සිදුවීම තරයේ හෙළා දකින බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (03) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

     

    පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර  සභාවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව සභාව වෙත කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     


    හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මතු කළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සවිස්තරාත්මක පිළිතුරක් සපයන ලදී. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා,අදාළ කරුණ පැහැදිළි කරන අවස්ථාවේ දී ඇතැම් මන්ත්‍රීවරු පිරිසක් සභාව මධ්‍යයට පැමිණීමෙන් ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන්, මන්ත්‍රීවරු එකිනෙකාට පහර දෙන තත්ත්වයට පත්වීම ඉතාම කණගාටුවට කාරණයක් බව සඳහන් කරන අතර ඇති වූ තත්ත්වය තරයේ හෙළා දකිමි.

     

    ඉන් පසු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් වහාම කැඳවන ලද අතර එහිදී සිද්ධිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර පැමිණි සියලු සභික මන්ත්‍රීවරු තරයේ හෙළා දකින ලද බවත් සභාවට දන්වනු කැමැත්තෙමි.

     

    මේ සිද්ධිය පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කතානායකතුමාට සහ නියෝජ්‍ය කාරකසභා සභපතිතුමාට දැන් වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් කොට වාර්තාව වහාම මා වෙත ලබාදීමට නියමිත අතර එම වර්තාව  ලද වහම එම සිද්ධිය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බවද සඳහන් කරමි.

     

    අද බරපතල සිදුවීම වන අවස්ථාවේ දී මහජන් ගැලරියේ ජනතාව මෙන්ම පාසල් ළමුන් විශාල පිරිසක් ද රැදී සිටිනු දක්නට ලබුණු අතර එමඟින් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට, අභිමානයට විශාල කැළලක් වූ බව ද සඳහන් කළ කතානායකවරයා,මෙම බරපතල සිද්ධියක් පාර්ලිමේන්තු සභාගර්භය තුළ පවතින අවස්ථාවේ සිදු වූවක් බැවින් තවදුරටත් පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙනයාම යෝග්‍ය නොවන බව ද කතානායකවරයා දන්වා සිටියේ ය.

     

     සභාවේ ඇති වූ තත්ත්වය හේතුවෙන් අද දින සභාවේ කටයුතු නවතා දැමීමට කතානායකවරයා තීන්දු කළ අතර හෙට දින ප.ව. 1.00 දක්වා සභාව කල්තබනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya