මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දන්වයි

    මැයි 03, 2016

    ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

     

    පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් දැනට පවතින ආකාරයට සංශෝධනය කළ හැක්කේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ,විශේෂ බහුතර ඡන්දයකින් බවත් ශ්‍රේෂ්ධාධිකරණය තීරණය කර  ඇතැයි කතානායකවරයා දැන්වීය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වෙන පරිදි එකී වගන්ති සංශෝධනය කළ හොත් ඒවායේ අනුණුකූලතාවයන් ඉවත්වනු ඇති බව සහ සරළ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවද තීරණය කර ඇතැයි කතානායකවරයා සභාවට දන්වා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya