මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊර්ෂියාවෙන් පෙළෙන කොටසක් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා, බොරු ප්‍රකාශ කරලා යට නොමඟ යවන්න ඉඩ දෙන්නේ නෑ

    මාර්තු 24, 2016

    එදා ආර්ථික ඝාතකයෝ කියා කිව්ව එක අද සැබෑ වී තිබෙනවා. ඊර්ෂියාවෙන් පෙළෙන කොටසක් අද විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. බොරු ප්‍රකාශ කරලා යට නොමඟ යවන්න ඉඩ දෙන්නේ නෑ යැයි  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මුදල් අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,  සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.


    ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.  දැන් ඇතා ගලත් පුපුරන්න පටන් අරන්. 37ක් ගිහිල්ලා විශ්වාසභංගයක් ලබාදීලා තිබෙනවා. අපි උත්තර දෙන්නම්.

     

    2014 සම්පූර්ණ ණයබරතාවය 7391යි.මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි කාලා තිබෙන්නේ.මේ රට සංවර්ධනය කරලා කියන්නේ,අහිංසක බදු ගෙවන්නාගේ සල්ලි අරන් රාජපක්ෂලාගේ සාක්කුවට දාන එක සංවර්ධනය කියලා. එකෙන් එක කියන්නම්.අවශ්‍ය නම් උත්තර දෙන්නම්.අපිව යටපත් කරන්න බෑ.

     

    හම්බන්තොට වරාය අලාභ වී තිබෙනවා.දැන් අහනවා  මොකද වෙලා තියෙන්නේ කියලා. රටේ සංවර්ධනය කිසිම බාධවකින් තොරව යන එක පේන්න තිබෙනවා. තමාගේ වාචාල කමට ප්‍රශ්නයක් නෑ.එක්සත් ජාතික පක්ෂය අනුමත කළ දකුණු අධිවේගී මාර්ගය,දකුණු අධිවේගී මාර්ගයේ වියදම සියයට සියයක් වැඩි වී තිබෙන්නේ, දූෂණය නිසයි.

    හම්බන්තොට වරායෙන් බිලියන විසිදහසක් නැති වුණා. හයිඩ් පාර්ක් වල හොර ප්‍රකාශවල සැබෑ තත්ත්වය මේකයි. ඒ කාලය ඉවරයි.දකුණු අධිවේගී මර්ගය මිලියන 630ක් වියදම් වුණා කියලා. ණය ගන්නවා 1300ක් . සල්ලි කොහෙද ගියේ.සල්ලි ගිහින් තියෙන්නේ තමාගේ සක්කුවට මිස රටේ සංවර්ධනයට නොවේ.

    මේ සල්ලි ටික ගිහින් තියෙන්නේ කොහේද කියල දැන් ඔප්පු වෙනවා.රටේ අහිංසක බදු ගෙවන්නාගේ සල්ලි රටේ සංවර්ධනයට නොව පවුලේ සාක්කු සංවර්ධනයට ගිහින් තියෙන්නේ. මේ අපරාධය නිසා තමයි රටේ මෙතරම් ණයබරතාවයක් තිබෙන්නේ.

     

    මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම නායකත්වය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඊර්ෂියාවෙන් පෙළෙන කොටසක් අද විශ්වාසභංග යෝජනා ගේනාවා.අත්සන් 60ක් 70ක් හොයාගන්න.37යි හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

    බොරු ප්‍රකාශ කරලා යට නොමඟ යවන්න ඉඩ දෙන්නේ නෑ.හම්බන්තොට වරායේ අරන් තියෙන් ණය ප්‍රමාණය සියයට 6.2%යි.ගෙවන්න වෙලා තිබෙන්නේ අපටයි. ඒකයි වෙලා තිබෙන්නේ.

    මන්ත්‍රීවරු සියයකට අරක්කු තැබෑරුම් තියෙනවා කියනවා.මේ සම්බන්ධයෙන් කතා කළා. කැබිනට් එකෙන් අහනවා කවුද දුන්නේ කියලා.මේ ආණ්ඩුවේ කවුරුත් නෑ. නම් ටික හෙළිදරව් කරන්නම්. බලපත්‍ර තිබෙන්නේ 956ක්. සුපර් මාර්කට්වල 37ක් තිබෙනවා. නම් දුන්නට පස්සේ දැනගනීවි කාගෙද කියලා. මේ ආණ්ඩුවේ කවුරුත් අරන් නෑ. ගිණුම් ගත නොකළ ණය මිලියන 1042ක ණයක්  අරන් තිබෙනවා.කොලේ වහලා ගහලා තියෙන්නේ.එදා ආර්ථික ඝාතකයෝ කියා කිව්ව එක අද සැබෑ වී තිබෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya