අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගයට තුරන් කිරීමට ස්ථීරසාර වගකීමෙන් කටයුතු කිරීම වැදගත්

    මාර්තු 11, 2016

    සංවාදයට පමණක් සීමා නොවූ ස්ථීරසාර වැඩපිළිවෙළක් තුළින් වකුගඩු රෝගයෙන් ජනතාව නිදහස් කර ගැනීමේ ජාතික වගකීම ඉටුකිරීමට කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (10) මැදවච්චිය මෛතී‍්‍රපාල සේනානායක ජාතික පාසලේ පැවති ජාත්‍යන්තර වකුගඩු දින ජාතික උත්සවය අමතමිනි.

    වකුගඩු රෝගීන්ගේ ජීවන ඛේදවාචකය ඉතා හොඳින් දැක ඇති කෙනෙකු ලෙස එම උවදුරෙන් අහිංසක ජනතාව ගලවා ගැනීමට තමන් තුළ ඇති අධිෂ්ඨානය අතිමහත් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රටේ සියලු ජනතාවගේ මෙන්ම ශී‍්‍ර ලංකාවට අත හිත ලබාදෙන මිත‍්‍ර රාජ්‍යයන්ගේ ද සහාය ඇතිව මෙම අභියෝගය ජයග‍්‍රහණය කිරීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

    වකුගඩු රෝගය නිවාරණය සඳහා කිසිදු සීමාවකින් තොරව භෞතික සම්පත් ලබාදීමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බවත්, වකුගඩු නිවාරණ අංශ ශක්තිමත් කරමින් මෙම රෝගය වළක්වා ගැනීම සඳහා වැඩපිළිවෙළ රැසක් දියත් කර තිබෙන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    වකගුඩු රෝගයට ගොවි ජනතාව වැඩි වශයෙන් ගොදුරුවීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ වල් නාශක, කෘමි නාශක සහ රසායනික පොහොර භාවිතය බව මේ වන විට පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙන අතර ඊට විසඳුම් වශයෙන් කාබනික පොහොර හඳුන්වාදීමට රජය පියවර ගත් බව ද පැවසූ ජනාධිපතිතුමා ඊට විවිධ විවේචන සහ අපවාද එල්ල වුවත් අද ජීවත්වන ජනතාවගේ මෙන්ම හෙට උපදින දරුවන් වෙනුවෙන් අසීරු වුවත් එම කාර්යයට එක්වන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ප‍්‍රකාශ කළේය.

    රසායනික පොහොර භාවිතය පිළිබඳ අපට උපදෙස් දුන් ලෝකයේ කිසිදු දියුණු රටක් අද වන විට රසායනික පොහොර භාවිතා නොකරන බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    ලෝකයේ සංවර්ධිත රටවල් අද පිටි කිරි භාවිතයෙන් ක‍්‍රමයෙන් ඉවත් වෙමින් සිටින බවත්, පිටිකිරි භාවිතය වෙනුවට දේශීය දියර කිරි භාවිතය සඳහා ජනතාව යොමු කිරීම නිරෝගි සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රට තුළ ගොඩනැඟීමට ඉවහල් වන බවත් ප‍්‍රකාශ කළේය.

    ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරකෂක බලකායේ දිනක වැටුප වකුගඩු අරමුදල වෙත පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.

    සුවය සඟරාවේ වකුගඩු රෝග නිවාරණ විශේෂ කලාපය එළිදැක්වීම ද සිදු වූ අතර එහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    වකුගඩු රෝගයට ගොදුරුවු පවුල්වල දරුවන්ගේ නිර්මාණ ඇතුළත් කර උතුරු මැද පළාත් සභාව විසින් සම්පාදනය කරන ලද ,නිබඳ ඉරිතැලී රිදුම් දෙයි මහද, කෘතිය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.

    ප‍්‍රති ආශ‍්‍රැතකරණ ජලයේ සෞඛ්‍ය සහ පරිශීලන මාර්ගෝපදේශ අත්පොත එළිදැක්වීම සහ අනුරාධපුර රෝහලට යාබදව ඉදිකරන වකුගඩු රෝගින්ගේ නවාතැන් සංකිර්ණයේ සැළැස්ම ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

    කොළඹ මියුසියස් විද්‍යාලීයීය ආදි බාලදක්ෂිකා සංගමය විසින් රඹෑව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඹගහ වැව ග‍්‍රාමය ආදර්ශ ගම්මානයක් වශයෙන් සංවර්ධන කිරීමේ වැඩසටහනද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    වකුගඩු රෝගී පවුල්වල දරුවන් වෙනුවෙන් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මඟින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ අතර එය සංකේතවත් කරිමින් දරුවන් කිහිප දෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්වය පිරිනැමිනි.

    තෝරාගත් අඩු ආදායම්ලාභී වකුගඩු රෝගී පවුල් සඳහා නිවාස ඉදිකිරිමේ වැඩසටහන සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, මෛතී‍්‍ර මිතුරෝ සංවිධානය සහ හොල්සිම් සමාගම හා සැම්සන් රජරට ටයිල් සමාගම අනුග‍්‍රහය සපයන අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ‍්‍රම දායකත්වය සපයයි. එය සංකේතවත් කිරීම ද මෙහිදී සිදු විය.

    අමාත්‍ය දුමින්ද දිසානායක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩබලන අමාත්‍ය මොහොමඞ් කාසීම්, හිටපු අමාතය තිස්ස කරලියද්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya