අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික සේවක වැටුප් වැඩි කෙරෙන ''සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත'' විවාදයට

    මාර්තු 11, 2016

    ''සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත'' සහ ''සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත් කෙටුම්පත'' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු  අද (11) විවාදයට ගැනිණි.

     

    විවාදය ආරම්භ කරමින් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා  පවසා සිටියේ,  2015 මැයි මස 01 දින සිට පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කළ නිසා මෙදින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවය.

     

    මෙතැන අසාධාරණයක් වෙන්නේ නෑ. පෞද්ගලික අංශයේ ජනතවට අතිවිශාල සහන ලැබෙන කෙටුම්පත් දෙකක්.ඉදිරිපත් කළ කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය යම් යම් කරුණු දක්වා තිබෙනවා, සංශෝධනයන් කළ යුතු,ඒ සංශෝධනයන් අප ගෙන එනවා.

     


    පෞද්ගලික අංශයේ සේවකයන් දීර්ග කාලයක් තමන්ගේ පඬි වැඩිකරන්න කියලා පවතින රජයන්ගෙන් ඉල්ලුවා.රජයේ සේවකයන්ගේ පඬි වැඩි වුවත් රාජ්‍ය සේවකය්න්ගේ පඬි වැඩි වීම් ගැන සාකච්ඡා කළේ නෑ.

     


    2015 මෙම රජය බලයට පත් වුණාට පස්සේ දින 100 ආයවැය වාර්තාව ඉදිරිපත් කරන කොට මුදල් අමාත්‍යවරයා ඉල්ලා සිටියා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පඬි රුපියල් 2500කින් වැඩි කරන්න කියලා.

     

    මේ කාරණා සම්බන්ධයෙන් වෘත්තීය සමිති විශාල ඉල්ලීමක් කළා.අග්‍රාමාත්‍යතුමා ද ප්‍රකාශයක් කළා පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක පඬි වැඩිවීමක් ලබාදෙන බව.

     

    ඒ අනුව සකස් කළ නීති කෙටුම්පත් සම්පාදක විසින්  සම්පාදනාය කළ නීති කෙටුම්පත් නැවත වතාවක් මගේ ප්‍රධානත්වයෙන් ජාතික කම්කරු උපදේශක සභාවේ දී දීර්ග ලෙස සාකච්ඡා කළා.

     

    සේවකයන්ගේ අයවැය සහන දීමනාව පිළිබඳ පනත් කෙටුම්පතට අනුව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අදියර දෙකකින් සිදු වෙයි.

     

    පළමු අදියර අනුව උපයන මාසික වැටුප රුපියල් 40,000 සීමාවට යටත්ව සේවකයකු රුපියල් 1500ක වැටුප් වැඩිවීමකට හිමිකම් ලබයි.


    දෙවන අදියරේ වැටුප් වැඩිවීම යටතේ සේවකයෙකුට රුපියල් 1000ක අයවැය දීමනාවක් 2016 ජනවරි මස 01 දින සිට හිමි වේ.මේ අනුව දෙවන අදියරේ දෛනික වැටුප් ලබන්නෙකු රුපියල් 40ක වැටුප් වැඩිවීමකට ද කෑලි ක්‍රමයට වැටුප් ලබන්නෙකු 10%ක වැටුප් වැඩිවීමකට ද හිමිකම් ලබයි.

     


    යම් සේවා යෝජකයෙකුට පළමු හා දෙවන අදියරේ වැටුප් වැඩිකිරීම යටතේ වන හිඟ වැටුප් ගෙවීමට සිදුවෙනවා.හොඟ වැටුප් ගෙවීම අතීතයට බලපාන නීතිය අනුව ක්‍රියාත්මක වෙයි.2015 මැයි මස 01 දින සිට පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කළ නිසා මෙදින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

     

    මේ අයවැය සහන දීමනාවද ගණන් බලා සේවක අර්ථසාධක අරමුදල, පාරිතෝෂික ගෙවීම්, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ අතිකාල ගෙවීම් කළ යුතුය. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමාන්තරව රාජ්‍ය සංස්ථාවල සේවකයන්ගේ වැටුප් දැනටමත් වැඩිකර ඇති හෙයින් රාජ්ය සංස්ථාවල සේවකයන්ට මෙම පනතේ විධිවිධාන අදාළ නොවේ.මෙම නීතිය මඟින් රටේ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායකවන සේවක පාර්ශවයට විවිධාකර ප්‍රතිලාභ හිමිකර  දී  ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත  පිළිබඳ අඳහස් දැක් වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සමස්ත වැඩකරන ජනතාව සඳහා වන ජාතික අවම වේතනය අප රටට මුල්වරට හඳුන්වා දෙන්නේ මෙම පනත මඟිනි.

     

    මෙය සුවිශේෂී පනත් කෙටුම්පතක් වන්නේ එය සම්පාදනය කිරීම සඳහා සේවකයන්ගේ වෘත්තීය සමිති සහ සේවායෝජක සංවිධාන යන දෙපාර්ශවයම එක්ව ඊට එකඟතවය ප්‍රකාශ කිරීමයි.

     

    මෙම පනතෙහි නියම කර ඇති විධිවිධානවලට අනුව ජාතික අවම මාසික වේත්නය රුපියල් 10,000 වන අතර ඊට සමනුපාතිකව ජතික අවම දෛනික වේත්නය  රුපියල් 400ක් වෙයි.

     

    මෙම පනත මඟින් නියම කර ඇති වේතනය ගෙවීම පිළිබඳ විධිවිධාන කඩකරනු ලබන යම් සේවයෝජකයෙක් මහේස්ත්‍රාවරයෙකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් 25,000ක් නොඉක්මවන දඬයකට හෝ මාස හයක නොවැඩි කාලයක් සඳහා දෙයාකරයෙන් එක් ආකරයක බන්ධනාගාර ගත කිරීමට හෝ දඬය සහ බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් කළ හැකිය.

     

     මෙම නීතිය මඟින් අනාරක්ෂිත එමෙන් ම ඉතා අඩු අවම වැටුප් ලබන සේවකයන්ගේ තත්ත්වය ඉහළ නංවන අතර ඔවුහු මෙම වැටුප් ව්‍යුහය තුළ මූලික ආරම්භක වැටුප වන රුපියල් 10,000 වේතන මට්ටමේ පිහිටුවනු ඇත. රටේ සියලු සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තමන්ට පැවරෙන නීතිමය වගකීම ඉටු කර යහපත් කාර්මික සබතාවයක් පවත්වා ගන්නා ලෙස ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya