අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය ‍ නොපැවැත්වීමට ‍ හෝ කල්දැමීමට රජයට ‍කිසිඳු උවමනාවක් නෑ- අගමැති

    මාර්තු 11, 2016

    පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ ‍නොපැවැත්වීමට ‍හෝ මැතිවරණ කල්දැමීමට කිසිඳු උවමනාවක් රජයට ‍නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.

     

     


    රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අප රජය ලද ජනවරම තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින අතර එම ස්ථාවර‍යේ කිසිඳු ‍වෙනසක් සිදුවී ‍නොමැත. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ ‍නොපැවැත්වීමට ‍හෝ මැතිවරණ කල්දැමීමට කිසිඳු උවමනාවක් රජයට ‍නොමැත.

     

    එ‍සේම පළාත් පාලන ආයතනයන්හි නි‍යෝජනය වැඩි කරමින් සියයට 25ක කාන්තා නි‍යෝජනයක් සහතික කර පළාත් පාලන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සියලු පියවර රජය විසින් ගන්නවා.

    කොට්ඨාශ සීමා නිර්ණය කිරී‍මේ ජාතික කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය කිරී‍මේ වාර්තාව පළාත් පාලන ආයතන ඡන්ද විමසී‍මේ ආඥා පන‍තේ 3 ඇ වගන්තිය යට‍තේ අංක 1928/26 හා 2015 අ‍ගෝස්තු 21 දා ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ති‍බෙනවා. ‍

     

    මේ සීමා නිර්ණය කිරී‍මේ කමිටුව විසින් කරනු ලැබූ කටයුතු සම්බන්ධ‍යෙන් දැවැන්ත මහජන වි‍රෝධයක් එල්ල වූ අතර එමඟින් ජාතික සංහිඳියාව බිඳවැ‍ටෙන බවට ද ‍චෝදනා එල්ල විය.

     

    ඒ අනුව ‍කොට්ඨාශ සීමා නිර්ණය කිරීම පිළිබඳ ඉදිරිපත් වී ඇති අභියාචනා විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පළාත් පාලන ඡන්ද විමසී‍මේ ආඥා පන‍තේ 3 ඇ වගන්තිය යට‍තේ පළාත් පාලන ආයතන ‍කොට්ඨාශ සීමා නිර්ණය විමර්ශන කමිටුවක් පත්කරන ලදී.

     

    පාර්ලි‍මේන්තු‍වේ ප්‍රධාන ‍දේශපාලන පක්ෂ නි‍යෝජනය වන පරිදි එම කමිටුව පත්කරනු ලැබූ අතර එයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සඳහා නිලධාරී කමිටුවක් ද පත්කරන ලදී. එම කමිටුව විසින් ‍‍මේ සම්බන්ධ‍යෙන් උනන්දුවක් දක්වනදේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා මහජනතාව ‍වෙත සිය නි‍යෝජනය ඉදිරිපත් කිරීම සඳහා 2015 වස‍රේ ‍නොවැම්බර් මස 30 දා දක්වා මාසයක් කල් ලබා‍දෙන ලදී.

     

    එ‍හෙත් ‍‍මෙ‍ලෙස ලබා‍දෙන ලද කාලය මසක් ප්‍රමාණවත් ‍නොවන බව ඇමැතිවරයා විසින් විමර්ශන කමිටුව විසින් තීරණය කරනු ලැබූ අතර ඒ අනුව කාලය තවත් මසකින් දීර්ඝ කරන ලදී. එ‍හෙත් ඊට පසුද තවදුරටත් පැමිණිලි හා ‍යෝජනා ලැ‍‍බෙමින් පැවැති බැවින් පසුගිය ‍පෙබරවාරි මස 20 දා පැමිණිලි හා ‍යෝජනා බාරගැනීම අවසන් බවට නි‍වේදනය නිකුත් කරන ලදී. එ‍හෙත් එම දි‍නෙන් පසුව ද තවදුරටත් පැමිණිලි හා‍ යෝජනා ලැ‍බෙමින් පවතී. ‍මේ ‍හේතු‍වෙන් සීමා නිර්ණය පිළිබඳ පැමිණිලි හා ‍යෝජනා විමර්ශනය කිරී‍මේ කාර්යය අ‍පේක්ෂිත තත්ත්වයට වඩා සංකීර්ණ තත්ත්වයට පත්ව ති‍බේ. ‍

     

    මේ අභියාචනා‍ සළකා බැලී‍මේ ක්‍රියාවලිය තුළින් ‍කොට්ඨාශ සීමා මායිම් නැවත සළකා බැලී‍මෙන් අනතුරුව සීමා නිර්ණය කිරීම පිළිබඳ අවසන් තීරණයට එළඹිය යුතුව ඇති අතර ‍මේ කමිටු‍වේ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇත. ඒ ආකාරයට සීමා නිර්ණය පිළිබඳ අවසන් තීරණයකට එළ‍ඹෙන ‍තෙක් පලාත් පාලන මැතිවරණයක් පැවැත්වී‍මේ කිසිඳු ‍නෛතික හැකියාවක් ‍නොමැති බවත් ජනතා නි‍යෝජනයක් සහතික කිරී‍මේ ‍නොහැකි කොට්ඨාශ සීමා නිර්ණයක් තුළ මැතිවරණයක් පැවැත්වීම යහපාලන රජ‍යේ ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ද පටහැනි බව අවධාරණය කරමි.

     

    එ‍සේ දැනට පළාත් පාලන ආයතනවල පරිපාලනය බිදවැටී ඇති බවට විවිධ පාර්ශව විසින් සිදුකරන ප්‍රකාශ තර‍යේ ප්‍රතික්‍ෂේප කරනවා. රජය විසින් සීමා‍ නිර්ණය කිරී‍මේ කටයුතු ප්‍රමාද කරන බවට ද එල්ලවන ‍චෝදනා තර‍යේ ප්‍රතික්‍ෂේප කරනවා.  

     

    පළාත් පාලන ඡන්ද විමසීම  කල්යෑම සම්බන්ධයෙන්  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ  මන්ත්‍රීවරු අතර විවාදයක් ඇති විය. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන්  කළේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට විශාල වුවමනාවක් තිබෙන බව ය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා-

    මාර්තු 31 දින පැවැත්වීමට තිබූ ඡන්දය කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.පළාත් පාලන  ආයතනවල එදිනෙදා කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා. පළාත් පාලන ආයතන 300ක් විසුරුවා හැර තිබෙනවා.කල්දමන සෙල්ලම කරන්න එපා. ඡන්දය පවත්වන්න.

     

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා-

     

    පළාත් පාලන මැතිවරණය මාර්තු 30 වන විට වසරක කාලයක් වෙනවා.පළාත් පාලන ආයන පාලනය කරන්නේ නිලධාරීන් පිරිසක්.පළාත් පාලන නියෝජිතයන් ගමේ විශාල කාර්යභාරයක් කරනව. පක්ෂ ඇතුළේ අර්බුද විසඳාගන්න ඡන්දය කල්දමනවා.දේශපාලන අරමුණු පසෙකලා ජනතා නියෝජිතයින් පත්කරගන්න.

     


    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා-

     

    සීමා නීර්ණය කර තිබෙන්නේ සීතල කාමරවල ඉදලයි.ප්‍රශ්න රාශියක් තිබෙනවා.අභියාචනා දෙදහසක් පමණ ලැබී තිබෙනවා.පක්ෂයක ප්‍රශ්නයක් නෑ.සීමා නීර්ණය කර අවසන් වන තෙක් ඡන්දය පවත්වන්න බෑ.




    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

    මේ ඡන්ද පැවැත්වීමට අපිට විශාල වුවමනාවක් තිබෙනවා.පළාත් පාලන ආයතන විසුරුවා හැරියට පස්සේ පාලනය කරන්නේ පළාත්සභාවයි.උතුර හැර අනෙක් ඔක්කෝම සන්ධානයයි.අඩුපාඩුවක් තියෙනවානම් මහ ඇමැතිවරුන්ට කියන්න.විසුරුවා හැරියත් මුදල් දෙනවා.තමන් දන්න මහ ඇමැතිවරු ඉන්නේ.එක්සත් ජාතික පක්ෂය පාලනය කරන සභවල් හැර අනෙක් සභවල සභාපතිවරු, මහඇමැතිවරු එකතුවී වැඩකරනවා.සන්ධානය රැස්වෙන වෙලාවක ජනාධිපතිතුමාට කියන්න ,මහඇමැතිවරු වැඩකරන්නේ නැත්නම්.

    අපි පළාත් සභාවක්වත් පාලනය කරන්නේ නෑ.මැතිවරණය තිබ්බොත් අඩු ගානේ,ඔය ප්‍රාදේශීය සභාවලින් භාගයක්වත් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා.අපිට තමයි විශාල කැක්කුම තියෙන්නේ මැතිවරණය තියාගන්න.

    සාම්පූර්වල සභිකයන් 10කට  ඡන්ද 42519ක් තිබෙනවා. එක් සභිකයෙකුට ඡන්ද 4251ක් අවශ්‍යයි. දෙහිඅත්ත කණ්ඩිය සභිකයන් 21 ඡන්ද 45831ක් එක් සභිකයෙකුට ඡන්ද 2161ක්  අවශ්‍යයි.කොළඹ හැමතැනම බහු ආසන දාලා.කොළඹ සමෝෂ හදලා වගේ කෑලි කඩලා තියෙන්නේ.   මම යෝජනා කරන්නේ,මේ සීමා නීර්ණය කළ    නිලධාරීන් හොයලා බලලා,ඒ අයට විරුද්ධව පරීක්ෂණ පවත්වලා, ඒ ගාස්තු අය කරගන්න කියලා.කොයි පක්ෂයෙන්  ද එන්නේ? අලුත් පක්ෂයක් ද?සන්ධානයෙන් එනවද? අපට ප්‍රශ්නයක් නෑ.

     


    පාර්ලිමේන්තු මන්ත්‍රී වසුදේව නානායක්කර මහතා-

     

    වලංගු නීතියට අභියෝග කරනවානම්, රට අරාජික වෙනවා. මේ කතාව උඩ ජනතා පරමාධිපත්‍ය,සර්වජන ඡන්දය දින නියමයක් නැතිව කල්දමන්න පුළුවන්ද?

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

     

    එක්සත් ජාතික පක්ෂයෙන් හොඳට සීමා නීර්ණය කර තිබෙනවා.ඒක පිළිගෙන සංශෝධනය කරලා යමු.ඇයි එක්සත් ජාතික පක්ෂයේ එක පිළිගන්න බැරි.ලෑස්තිද? හොඳම එක එක්සත් ජාතික පක්ෂයේ එකයි. මේක හැදුවේ ආණ්ඩු බලය ඉන්නකොට,මේක හදපු අයටත් ප්‍රශ්නයක් වෙලා. සංශෝධන ඇතුළත් කරන්න තියෙනවා. ඇමැතිතුමාට කියමු සාකච්ඡවක් කරන්න කියලා.

     

    අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා-

    නෛතික රාමුවක් තිබෙනවා. සීමා නීර්ණය කරන අවස්ථාවේ දී ඡන්දයක් පවත්වන්න නෛතික බලයක් නෑ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya