අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරකම් කළ විදිය තව මාස තුන හතරකින් මේ රටට හෙළිවෙනවා

    මාර්තු 11, 2016

    හොරකම් කළ විදිය තව මාස තුන හතරකින් මේ රටට හෙළිවෙනවා.ඒ කාලයට හොඳ නීතිඥයන් හොයා ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයක් අතරතුර ඇති වූ විවාදයේ දී අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    ආර්ථික විශේෂඥ ජෝර්ජ් සෝරෝස් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්නය යොමු කර තිබුණි.


    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, අපි කාටවත් ආරාධනා කළේ නෑ.එතුමා සමුළුව තියලා, අපිට ආරාධනා කළා, ඊට සහභාගී වෙන්න කියලා.අපි හෝටල්වලට ගෙව්වෙත් නෑ.


    ප්‍රංශ අධිකරණය ඔහු වරදකරුවෙකු කළේ නෑ.රාජපක්ෂ රෙජීමය වාගේ,හොරු නෑ,ඒ රටේ. බිලියන දහසක් අපිට වැඩිපුර ගෙවන්න සිදුවෙලා. මිනිස්සු සූරා කෑවා,ඉඩම් අරගෙන සූරාකෑවා. මිනිස්සුන්ගේ සල්ලි සූරාකෑවා. ලැජ්ජා නැතිව මොකක්ද මෙතැන අහන්නේ.


    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා,ආරම්භ කළ ආණ්ඩුවට ලෝකයේ මිනිස්සු එනවා. ජෝර්ජ් සෝරොස්ලා ගේන්න මේ අය ගිහින් වැන්දා.බුලත් දුන්නා. කවුරුත් ආවේ නෑ.


    දැන් ඇවිත් කෑ ගහනවා.මිනිස්සු ආවාම සියයට 5%ක කොමිස් එකක් ඉල්ලනවා. ඇමෙරිකාවත් බය වුණා එන්න.කොමිස් ගන්නවා නම් කවුද මෙහාට එන්නේ.


    ජෝර්ජ් සෝරොස්ලා එන්නේ නැහැනේ හොරු එක්ක.ලෝකය පිළිගත් පුද්ගලයන්.හොරකම් කරපු කාලේ ජෝසප් ස්ටික්ලිත් ආවේ නෑ.හොරකම් කරන කලේ කවුරුත් ආවේ නෑ.මේ අය කියන්නේ දැන් ධනවාදයේ අඩුපාඩු කම් තිබෙනවා,ඒවා හදන්න ඕන කියනවා.

     

    පුළුවන්තරම් හම්බකරගන්නයි අවශ්‍යය.තව මාස තුන හතරකින් හොරකම් කළ විදිය මේ රටට හෙළිවෙනවා.ඒ කාලයට හොඳ නීතිඥයන් හොයා ගන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya