අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහානායක හිමිගේ අපවත්වීම ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදු බලවත් පාඩුවක්- ජනපති

    මාර්තු 11, 2016

    ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සී ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සාතිශය සංවේගය දනවන්නක් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදු වූ බලවත් පාඩුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ‍්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම, විනයධර ප‍්‍රතිපත්ති භික්ෂුව සංඝයා හොබවයි, ශාසනය බබළවයි,, නම් වන බුද්ධ භාෂිතය ප‍්‍රතීයමාන කළ අප නාහිමිපාණන් වහන්සේ සංඝ ශාසනය ශෝභමාන කළ සංඝ පීතෘවරයෙක් බවත්ල ලොවකින් වැඳුම් ලබන උතුම් පදවියකින් පිදුම් ලැබුව ද අප හිමිපාණෝ කිසිවිටෙක ස්වකීය නිහතමානී පැවැත්මෙන් බැහැර නොවූ බවත්ල සිංහල මෙන්ම පාලි, සංස්කෘත සහ දෙමළ භාෂාවන් මැනවින් හැදෑරූ උන්වහන්සේ බුදුදහම දේශ දේශාන්තරයන්හි ප‍්‍රචලිත කරනු පිණිස තම දැනුම සහ විචිත‍්‍ර භාෂණය උපයෝගී කොට ගත් බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ සම්පූර්ණ ශෝක පණිවුඩය මෙසේ ය –

     

    “ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සී ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සාතිශය සංවේගය දනවන්නකි. එමෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදු වූ බලවත් පාඩුවකි.

     

    ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ‍්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම, විනයධර ප‍්‍රතිපත්ති භික්ෂුව සංඝයා හොබවයි, ශාසනය බබළවයි,, නම් වන බුද්ධ භාෂිතය ප‍්‍රතීයමාන කළ අප නාහිමිපාණන් වහන්සේ සංඝ ශාසනය ශෝභමාන කළ සංඝ පීතෘවරයෙකි.

     

    බෞද්ධ සමාජ සංකල්ප යාවත්කාලීන කරමින් තමන් කරා පැමිණෙන සියල්ලන් කෙරෙහි මෙත් සිත් පෙරටු කොට සියලු සිත් සතන් දයාබරව ආමන්ත‍්‍රණය කිරීමේ මහඟු ගුණයෙන් හෙබි අප නාහිමිපාණන් වහන්සේ ලෝවැසි බොදුනුවන්ගේ මුදුන් මල්කඩ බඳු උත්තරීතර දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය හිමි ප‍්‍රමුඛ පාර්ශවයක් බවට පත්වීමට තරම් පුණ්‍යවන්ත වූහ.

     

    ලොවකින් වැඳුම් ලබන උතුම් පදවියකින් පිදුම් ලැබුව ද අප හිමිපාණෝ කිසිවිටෙක ස්වකීය නිහතමානී පැවැත්මෙන් බැහැර නොවූහ. සිංහල මෙන්ම පාලි, සංස්කෘත සහ දෙමළ භාෂාවන් මැනවින් හැදෑරූ උන්වහන්සේ බුදුදහම දේශ දේශාන්තරයන්හි ප‍්‍රචලිත කරනු පිණිස තම දැනුම සහ විචිත‍්‍ර භාෂණය උපයෝගී කොට ගත්හ.

     

    සමාජ සම්භාවනාවට පාත‍්‍ර වෙමින් සිය සුපේශල ශික්ෂාකාමී දිවිය ශාසනය වෙනුවෙන් කැප කල අපවත් වී වදාළ අප නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවායි බැති සිතින් පතමි.

    මෛත‍්‍රීපාල සිරිසේන
    2016 මාර්තු මස 11 වන දින“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya