අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    මාර්තු 10, 2016

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කළේ ය.

    විද්‍යුත් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමේ හා ජාතික  හැදුනුම්පත ලබාගැනීමට අවශ්‍ය වයස් සීමාව අඩු කිරීමේ සංශෝධනය, ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩු කිරීමට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර  තිබේ.


    ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් පුද්ගලයන් පිළිබඳ ජාතික නාමලේඛනය යනුවෙන්  හදුන්වනු ලබන දත්ත සමූහයක් ඇති කර පවත්වාගෙන යාමටත් පනතින් විධිවිධාන සලස්වා  ඇත.


    පුද්ගලයන් පිළිබඳ ජාතික නාම ලේඛනයට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන සෑම තැනැත්තෙකුම ලියාපදිංචි  විය යුතු බවට විධිවිධාන ඇතුළත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya