අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ ,පාට,ආගම් භේද නැතිව විදුලිය ලබාදෙනවා -නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා

    මාර්තු 10, 2016

    පක්ෂ, පාට,ආගම් භේද නැතිව විදුලිය ලබාදෙනවා. ඊළඟ මස දෙක ඇතුළත මේ රටේ අන්තිම නිවසටත් විදුලිය ලබා දෙනවා යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පවසයි.

     


    පාර්ලිමේන්තුවේ කතා සජීවී ලෙස පෙන්විය යුතුයි. සමාජයට කතා කරන මන්ත්‍රීවරු පිළිබඳව පණිවුඩයක් යනවා. සඟවන්න දෙයක් නෑ. මොනවද කළේ අහනවා. අපි මේ වනවිට තමන්ගේ නිවසට විදුලිය ලබාගන්න බැරි වූ අහිංසක පවුල් ලක්ෂ එක හමාරකට විදුලිය ලබාදී තිබෙනවා. විදුලි බල මණ්ඩලය නිවස වයරින් කර දෙනවා.

     

    ඕනම නිවසකට, දුප්පත් පෝසත් භේද සොයන්නේ නෑ, අපි විදුලිය ලබාදෙනවා. පක්ෂ පාට,ආගම් භේද නැතිව විදුලිය ලබාදෙනවා. ඊළඟ මස දෙක ඇතුළත මේ රටේ අන්තිම නිවසටත් විදුලිය ලබා දෙනවා.

     

    ගමට විදුලි කණු තිබුණට ගමේ අහිංසක මිනිහට විදුලිය නෑ.ඉදිරි මාස දෙක ඇතුළත මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකටම විදුලිය ලබාදෙනවා.මේ පිනම ඇති, යහපානයේ යුක්තියත් ඉටුවෙනවා.ඉදිකිරීමට යෝජිත බලාගාර සියල්ලම ආරම්භ කරන්න හැකි වී තිබෙනවා. ත්‍රීකුණාමලයේ මෙ.වෝට් 1200ක බලාගාරයක් හදනවා.

    ලෝකයේ දියුණු තාක්ෂණය භාවිත කරන්නේ පරිසර දූෂණය අවම වන ආකාරයට.දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය බලශක්තිය ලබාදීමට ක්‍රියා කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya