අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ සමාජය නවීකරණය කිරීමේ ක්‍රමයකට යා යුතුයි

    මාර්තු 10, 2016

    අපේ සමාජය නවීකරණය කිරීමේ ක්‍රමයකට යා යුතුයි.අලුත් විද්‍යාව, කළමනාකරණය තුළින් මේ රට ඉදිරියට ගෙන යා යුතුයි ''යැයි විශේෂ කාර්යභර අමාත්‍ය ආචාර්ය  සරත් අමුණුගම මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මුදල් පනත්වලට අදාළ නියමයන් කීපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    සහල් පිළිබඳ නීතිරීති තිබෙනවා.ඉතිහාසයේ වැඩිම, සියයට 13 කින් වී නිෂ්පාදනය වැඩිවී තිබෙනවා. මෙරට ජනතාවගේ සහ නායකයන්ගේ සිහිනයක්ව පැවැති සහල් පිටරටට යවන්න හැකි තත්ත්වයක් 2015- 2016 කාලවල ඇති වුණා.

     

    පළමු වතාවට විශාල වී අතිරික්තයක් ඇතිව තිබෙනවා. අස්වැන්න ගත් පසු ඇති වන ගැටලු ගැනයි අද කතා කරන්න වෙලා තිබෙන්නේ. අපට සාර්ථකව මේ තත්ත්වයට ඒමට හැකි වුණේ දිගු ඉතිහාසයක් තුළයි. වාරිමාර්ග කර්මාන්තය එයට එක් හේතුවක්.  වී ගොවිතැන අනාගතයේ වාණිජ්‍ය ක්ෂේත්‍රයට ඇතුළත් කරනවා. වී, හාල් පසුගිය කාලයේ අප ආනයනය කළා. දැන් අපනයනය කරන තත්ත්වයට අපි වෙනස්ව සිටිනවා.

     

    අනාගත ගොවි ජන සමාජයට හරියන ක්‍රමයක් සැකසීමට අප කටයුතු කරනවා. කෘෂිකර්මාන්තයේ අතරමැදියා පොහොසත් කිරීමට නොව නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා තර කිරීමට අප කටයුතු කළ යුතුයි. මෙරට බැංකු ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. කිලෝමීටර් දෙකක් තුනක් ඇතුළත කොහේ හෝ තැනක බැංකුවක් තිබෙනවා. බැංකු ක්‍රමය සාර්ථක කළ යුතුයි. අපේ සමාජය නවීකරණය කිරීමේ ක්‍රමයකට යා යුතුයි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ දි පුංචි හෝටල්වලට යනවා, රසායනිකවලින් තොර ආහාර ලබා ගැනීම සඳහා. අලුත් දෙයක් කරන්නට යන විට මිනිස්සු කුලප්පු කර එයට අකුල් හෙළිම හොඳ දෙයක් නොවේ.  

     

    අයවැය පරතරය විශාලයි. එදිනෙදා වැඩකටයුතු කිරීමට එනම් විශ්‍රාම, ණය සලාක යනාදිය ගෙවන්නට මෙරට ආදායම මදියි. මමවත් අපේ පක්ෂයේවත් කවුරුත් කියන්නේ නැහැ පිටරටින් ණය ගත් එක වැරදියි කියලා. යුද්ධයක් තිබෙන කාලයේදි පිටරටින් ආයෝජකයන් එන්නේ නැහැ. එවිට තිබෙන එක් විසඳුමක් තමයි ණය ආධාර ගන්න එක. සංචාරක කර්මාන්තයට නිවැරදි ප්‍රතිපත්ති තිබේ නම් ඕනෑම රටක් සමඟ අපට තර්ක කිරීමේ හැකියාව තිබෙනවා.

     

    අලුත් විද්‍යාව, කළමනාකරණය තුළින් මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. දශක එක හමාරක් තුළ ඉන්දියාව හා චීනය තමයි ගෝලීය ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ. අද ඒ රටවල් දෙකේම ආර්ථික උපාය මාර්ග වෙනස් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් පැවසී ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya