අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමහරු කල්ලි හැදිලා යහ පාලන ගමන කඩාකප්පල් කරන්න හදනවා-අමාත්‍ය සරත් ෆොන්සේකා

    මාර්තු 10, 2016

    සමහරු කල්ලි හැදිලා යහපාලන ගමන කඩාකප්පල් කරන්න හදනවා. මේ රට ඉදිරියට ගෙන යාමට යහපාලනයට සහාය දෙන්න යැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්වීමෙන් අනතුරුව සිය මංගල කතාව කරමින් අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    දේශපාලන පළිගැනීමක් සිදු වූවා නම් එය සිදු කළේ සරත් ෆොන්සේකාගෙන් පමණක් බව පසුගිය කාලයේදි කියැවුණා. ඉතාම නින්දිත ආකාරයට පුද්ගලයන්ගෙන් පළිගත්තා. අවුරුදු ගණනක් මා යුද්ධය මෙහෙය වූවා. අන්තිම මාස දෙක තුළ මා ගෙන්වලා කීවා දැන් ටිකක් රෙස්ට් කරන්න කියලා. මං දැන ගත්තා ගොනා හැරෙන්නේ පොල් ගහට කියලා.

     

    අන්තිම සතියේ අත්‍යවශ්‍ය කාරණයක් නිසා රටින් පිට යාමට මට සිදු වුණා. ඒ සතියේ කළ දේ නිසා තමා සුදුකොඩි ගැටලුව ආවේ. පිරිසිදුව කර ගෙන ආ යුද්ධයට ගොම ටිකක් මිශ්‍ර කළා වගේ වැඩක් වුණා. යුද පිටියේ අවරුදු 35 ක් හිටියා. ඒ පළපුරුද්දෙන් තමා යුද්ධය ජය ගත්තේ. ලෝකයේ කිසිදු ජනාධිපතිවරයෙක් කියලා නැහැ මං යුද්ධය දිනුවා කියලා.


    ජනවාරි 08 වැනිදා මේ රට හූරා කාපු ඒකාධිපතීත්වය බිංදුවට බස්සා ජනතාවට සහන ලබාදුන්නා. මොන පම්පෝරි ගැසුවත් ජනතාව සහනයක් දැන් ලැබී තිබෙනවා.

     

    පොදු අපේක්ෂකයා ගේන්න අප කටයුතු කළා. පොදු අපේක්ෂක සංකල්පය තුළ සිට ඒ වෙනුවෙන් සටන් කර ජය ගත්තා. ඒ වෙනුවෙන් එජාප නායකතුමාට, අතිගරු ජනාධිපතිතුමාට ඇතුළු පාක්ෂිකයන්ට ස්තුතිවන්ත විය යුතුයි.


    උසාවි වලට අපට කාලයක් තිස්සේ යන්න සිදු වුණා. අද මා මෙතැන ඇමැතිවරයකු ලෙස සිටින විට ඒ නායකයා මන්ත්‍රීවරයකු ලෙස මෙතැන සිටිනවා. සමහරු කල්ලි හැදිලා යහ පාලන ගමන කඩාකප්පල් කරන්න හදනවා. මා යුද්ධය මෙහෙය වූවා. සුදු කොඩි සිද්ධිය මොකද වුණේ කියලා දැනගන්න ඕන. ඒ සඳහා පරීක්ෂණයක් කළ යුතුයි. හමුදාවේ ගෞරවය වෙනුවෙන් පරීක්ෂණවලට මුහුණ දිය යුතුමයි.

     

    දේශප්‍රේමය විකුණමින් ජනතාවගෙ මනස විකෘති කරන්න දේශපාලන අනාථයේ සිටිනවා.ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා. ජාතිය විනාශයට ලක්කළ 18 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන එන එකට සහාය දිය යුතුයි.


    පවුලෙන් පලි ගන්න එපා කියාල කියනවා. මගේ පවුලේ අයගෙන් පලි ගත්තේ නැද්ද.ධනුන තිලකරත්න අල්ලන්න කියා රට වටා පෝස්ටර් ගැහුවා.වෛරයෙන් කරන දේ වලට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා.රටේ සංවර්ධනයක් නැහැ කියනවා. චීන ව්‍යාපෘතිවලින් මුදල් කොතරම් හොරකම් කළාද.මේවා ගැන අනිවාර්යයෙන්ම පරීක්ෂණ පැවැත්විය යුතුයි.   

     

    මට මේ අවස්ථාව දුන් කතානායක ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. අමාත්‍ය ෆොසන්සේකා වුණා. ෆීල් ඩ් මාර්ෂල් වුණා. අපෙන් පළි නොගෙන යථාර්ථයට මුහුණ දෙන්න හිතන්න. මං කතා කරන්නේ හෘද සාක්ෂියෙන්. මේ රට ඉදිරියට ගෙන යාමට  යහපාලනයට සහාය දෙන්න කියලා සියලුදෙනාගෙන් ඉල්ලීම්ක් කරනවා යැයි ද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya