අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා පිරිමි සමභාවය පිළිබඳව, අයවැය පරික්ෂා කිරීමේ ක්‍රමය 2017 අත්හදාබැලීමක් ලෙස ක්‍රියාකරනවා

    මාර්තු 10, 2016

    කාන්තා පිරිමි සමභාවය පිළිබඳව, අයවැය පරික්ෂා කිරීමේ ක්‍රමය 2017 අත්හදාබැලීමක් ලෙස ක්‍රියාකරලා,සාර්ථකනම් 2018 සිට සම්පූර්ණ වැඩසටහනක් ලෙස කටයුතු කරන්න තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    ජාත්‍යන්තර කාන්තා දින සමරු උත්සවය අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරින්ගේ සංසදය විසින් උත්සවය සංවිධානය කර තිබුණි.

     

    කාන්තාවන් බලගැන්වීම සඳහා අපි විශේෂයෙන් ම පනතක් ඉදිරිපත් කරලා,ප්‍රාදේශීය නගරසභාවල නියෝජනයෙන් සියයට 25%ක් කාන්තාවන්ට ලබාදීමට බලාපොරොත්තුවෙනවා. අවම නියෝජනය සියයට 25%යි.ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ මැතිවරණයෙන් පසුවයි. කාන්තා හඩ, කාන්තාවන් බලගතු කරන්න,වැඩසටහනක් මෙතැන තිබෙනවා.එය සාර්ථක නම් පළාත් සභාවලටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.


    නීතිය සම්මත කළා කියලා, මෙය සාර්ථක වන්නේ නෑ.කොහොමද කාන්තා නියෝජිතයින් තෝරා ගන්නේ.මන්ත්‍රී ලැයිස්තුවට කොහොමද කාන්තාවන් තෝරා ගන්නේ.මේ කාරණා පිළිබඳවයි ඔබේ අවධානය යොමු කිරීමට තිබෙන්නේ.

     

    ඒ ක්‍රමවේදය ඇතිකරන්න ඕන.ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ඕන.මැතිවරණ කොමිෂම සමඟ සකච්ඡා කරන්න ඕන.අපි සියයට 25%ක් කාන්තාවන්ට වෙන් කළාම,කණ්ඩායම් දෙකක් එතැනට එන්න වෙයි, එකක් හැම පක්ෂයකම වැඩකරන ක්‍රියාකාරී කාන්තාවන්.අනෙක් පිරිස සමාජයේ පිළිගත් කාන්තාවන්.මේ කණ්ඩායම් දෙකම අවශ්‍යයි.

     

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා,මේවා ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. හිටපු ජනාධිපතිතුමියත් මේ ගැන විශාල උනන්දුවක් දක්වනවා. කාන්තා නියෝජනය වැඩිකරන්න අවශ්‍යයි.

     

    මෙතැන අපිට වැඩකටයුතු ගණනාවක් කරන්න තිබෙනවා.මෙහි නායකත්වය ගන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ටයි.මේ කණ්ඩායම නිල වශයෙන් පිළිගන්න පුළුවන්.අලුත් ගොඩනැගිල්ලක පහසුකම් දෙන නිසා,කාර්යාලයක් හා සේවා ලබාදෙන්න පුළුවන්.

    කාන්තා හිංසනයේ විශාල ප්‍රශ්න තිබෙනවා.ඒ ගැන ක්‍රියාකරලා, නීතිය සාමය පිළිබඳ කාරකසභාවට කන්තා ගැටලු යොමු කිරීම ඔබේ විශාල යුතුකමක්.උතුරේ විශාල ප්‍රශ්න තිබෙනවා, කාන්තා හිංසනය පිළිබඳව.

     

    කාන්තා පාර්ලිමේන්තු සංසදයට විශාල වගකීමක් තිබෙනවා.එන වසරේ ග්‍රාම රජ්‍ය ක්‍රමය ඇතිවනවිට එතැනට කන්තා නියෝජනය ලබාගන්න යෝජනා ඉදිරිපත් කරන්න.කාන්තා පිරිමි සමභාවය පිළිබඳව, අයවැය පරික්ෂා කිරීමේ ක්‍රමය 2017 අත්හදාබැලීමක් ලෙස ක්‍රියාකරලා,සාර්ථකනම් 2018 සිට සම්පූර්ණ වැඩසටහනක් ලෙස කටයුතු කරන්න තිබෙනවා.මෙහි නායකත්වය තියෙන්නේ කාන්තා මන්ත්‍රීතුමියන්ගේ කණ්ඩායමටයි. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් බලගතු කරන්න සිදු වෙනවා.ඒ සඳහා වුවමනා පියවර ගන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

     

    කාන්තාව ශක්තිමත් කිරීම ඉහළ අවශ්‍යතාවක්-

    thianනියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල 

     

    පාර්ලිමේන්තුව ශක්තිමත් කර කාන්තා නියෝජනය සියයට 25%ක් ලබාදීමට ක්‍රියාකර තිබෙනවා. මන්ත්‍රීවරියන් සිටින්නේ 13දෙනයි.සියයට 6%ක්.කාන්තා සහභාගීත්වය ශක්තිමත් කළ යුතුයි.කාන්තාව ශක්තිමත් කිරීම ඉහළ අවශ්‍යතාවක්.එය ඉතාම වැදගත් කාර්යයක්.

     

     


    පාලිමේන්තුව තුළින් කාන්තාව බලගැන්වීමට නීති හා ප්‍රතිපත්ති සකස් කිරීමට හැකිව තිබෙනවා-


    කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  

     

    parliament33දේශපාලන්යේ කන්තා නියෝජනය සියයට25%ක් දැන් සාර්ථකව සිදු කර අවසන්. අග්‍රාමාත්‍යතුමා පසුගිය කාන්තා දිනයේ දී කළ පොරොන්දුව ඉටුකර තිබෙනවා.පාලිමේන්තුව තුළින් කාන්තාව බලගැන්වීමට නීති හා ප්‍රතිපත්ති සකස් කිරීමට හැකිව තිබෙනවා.එමඟින් කාන්තාවන්ට එරෙහි හිංසනයට විසඳුමක් ලබාදිය හැකියි.ගෙදර සිටින කාන්තාවන්ගේ සමාජ ආර්ථික සුරක්ෂිතාවය වෙනුවෙන් ආණ්ඩුව වැඩකටයුතු කරනවා.උතුර හා නැඟෙනහිර ප්‍රදේශයේ කාන්තාවන් ගැන වැඩි අවධානයක් යොමු කරනව.

     

    ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියක ගමන් කරනවා.2030 වසර සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගොඩනගන්න ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා.අපි මේවා කාන්තා දිනයට පමණක් සීමා කරන්නේ නෑ. හැමදිනයක්ම කාන්තා දිනයක් යැයි ද අමාත්‍යවරිය පැවසී ය.

     

     

    ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉතාම වැදගත්-

    එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත අලේන් සිබ්නේලර්  

     

    alenශ්‍රී ලංකාව ක්ෂේත්‍ර ගණනාවකින් ඉදිරියෙන් සිටිනවා.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව ලෝකයේ තවත් අසමානතා තිබෙනවා.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉතාම වැදගත්.පළාත් පාලන ආයතනවල සියයට 25%ක් කාන්තා නියෝජනය ලබාදීම දිරිගන්වන කටයුත්තක්.

     

     

     

     

     

     

     

     

    කාන්තාව දේශපාලනයට සහභාගී වීමෙන් රටක දේශපාලනයට  සහභාගී වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු පාඩුවක් වෙන්නේ නෑ-

    ශ්‍රී ලංකාවේ කැනෙඩියානු මහ කොමසාරිස් ෂෙලි වයිටිං  

     

    sheliකිසිදු භේදයකින් තොරව කාන්තාවන්ට දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ලබාදෙයි කියලා විශ්වාස කරනවා.කාන්තාව ශක්තිමත් කරනවිට රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා.ප්‍රජාතන්ත්‍රවාදී රටක කාන්තා දේශපාලනය ඉතාම වැදගත්.කාන්තාව දේශපාලනයට සහභාගී වීමෙන් රටක දේශපාලනයට  සහභාගී වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු පාඩුවක් වෙන්නේ නෑ.දැන් අපිට තියෙන්නේ ඉදිරියට යන්නයි.

     

     

     

     

    ඉදිරි ගමන- රටේ කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික බලගැන්වීම  යන තේමව  යටතේ වැඩමුළුවක්ද පැවැත්විණි.

     

    මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය,එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත උනා මැකුලි මහත්මිය,එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත අලේන් සිබ්නේලර් මහතා ශ්‍රී ලංකාවේ  කැනේඩියානු මහකොමසාරිස් ෂෙලි වයිටිං මහත්මිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා,නියෝජ්‍ය කාරකසභ සභාපති එස්.අඩෙක්කලනාදන් මහතා ,අමාත්‍යවරියන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී.ජයසේන,පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ගීතා කුමාරසිංහ,හිරුණිකා පේමචන්ද්‍ර යන මහත්මීන්  ඇතුළු සම්භාවණීය අමුත්තන් රැසක් සහභාගී විය.

     

    මේ අවස්ථාවේ දී කාන්තාවන් සිදු කළ සුවිශේෂී සමාජ කාර්යභාරය අගයමින්  ''රටේ ප්‍රමුඛ කාන්තාවන්'' වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි.

     

    a w day

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya