අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු ආදායම පාවිච්චි කරන්නේ රටේ අභිවෘද්ධියටයි- මුදල් අමාත්‍ය

    මාර්තු 10, 2016

    බදු ආදායම පාවිච්චි කරන්නේ රටේ අභිවෘද්ධියට බවත් අතරමැදියෝ නැති කර අහිංසක ජනතාවට දෙන්නපුළුවන් හැම ශතයක්ම ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පවසයි.


    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත, සුරාබදු ආඥා පනත යටතේ නියමය, මුදල් පනත යටතේ නියමය යන මුදල් පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.


    නිවැරදි තත්ත්වය දැනුවත් කිරීමේ ආණ්ඩුවේ කටයුත්තක්. වී වගාව පුළුවන්තරම් ධෛර්යමත් කරනවා. එහෙත් අපි බාධාවන් ඉවත් කරනවා. වී සම්බන්ධයෙන් පොහොරවල කිසිම ප්‍රශ්නයක් නෑ. අනෙක් බෝග සම්බන්ධයෙන් සැබෑ ගොවියන්ට ලබාදීමට,ඵලදායිතාව ඇතිවන ලෙස ලබාදීමට කටයුතු කරනවා.

     

    මේ රටේ දුගී දුප්පත් ජනතාවට ආදයම හොයා දීමයි අවශ්‍යය. ආදායම් මාර්ග වැඩිකරන මාර්ග සොයා ගන්නවා. රේගුවේ ආදායම වැඩි වුණා. රෙගුවේ ආදායම හොයන්න අවශ්‍යයි.රේගුව තුළින් ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. කිසිසේත්ම සමාවක් නෑ, වැරදි දේ කිරීමට.

     

    ජනතව බදු ගෙවනවා. ඒවා ජනතාවගේ අභිවෘද්ධියට යොදවා ගන්නේ නැති එකයි ප්‍රශ්නය. ගිය පාලනය තුළ සල්ලි එකතු කරනවා, ජනතාව බදු ගෙව්වට ජනතාවට ප්‍රතිලාභය නෑ.අලුතින් සිතමු.කැපවන්න හොඳම අවස්ථාව. හැමදාම විශ්වාසභංග යෝජනා ගේනවා.කොහේද එකාබද්ධ විපක්ෂයක් තියෙන්නේ.

     

    රටක වියදම දරන්න ආදායමක් අවශ්‍යයි. මේ රටේ ආදායමක් උපයන්නේ කරුණු කීපයක් තුළින්. දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරලා,කෘෂිකර්මය කියන්නේ ඉතාමත් අත්‍යාවශ්‍ය කාර්යභාරයක්.අපි යම්දෙයක් කිව්වොත් කරනවා. අතරමැදියෝ නැති කරනවා. අහිංසක ජනතාවට දෙන්නපුළුවන් හැම ශතයක්ම දෙනවා.

     

    වී නිෂ්පාදනය ආරක්ෂා කිරීම අපේ කාර්යභාරය. අප නාස්තිය නැතිකරන අවස්ථාවේ, සංවර්ධන පෙරළියක් කරන අවස්ථාවක්. රට ඉදිරියට ගෙන යන අවස්ථාවක්.

     

    මේ රටේ සාමය ලබාගැනීමෙන් පසුව ජනවරි මසයේ ආරම්භ කළ වැඩපිළිවෙළ තුළින් කෘෂිකර්මාන්තයට නොයෙක් දිරි දීමනා ලබාදීම තුළින් වී නිෂ්පාදනය වැඩි වී තිබෙනවා.බදු පාවිච්චි කරන්නේ රටේ අභිවෘද්ධියටයි.අපට අඳහස් ඉදිරිපත් කරන්න.නවීකරණය ගැන අඳහස් දෙන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya