අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු 2590ක්

    මාර්තු 10, 2016

    දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ දින සිට මේ දක්වා සිදු වී ඇති රිය අනතුරු  සංඛ්‍යාව 2590ක් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (10) පාර්ලිමේන්තුවේ දී  මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    එම රිය අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20 දෙනෙකු බවත් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 402ක් බවද අමාත්‍යවරයා පැවසී ය.


    අධිවේගී මාර්ගවල නිරන්තරයේ අනතුරු සිදුවන ස්ථාන පවතින බවත් එම ස්ථාන හඳුනාගෙන ඇත්දැයි මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ අතර එම ස්ථාන මේ වනවිට හඳුනාගෙන තිබෙන බව අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

     

    මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය ජූනි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බවත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ආයෝජකයකු සොයාගැනීමට තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya