අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගු දෙපාර්තමේන්තුවේ ගැටලු සෙවීමට කමිටුවක්

    මාර්තු 10, 2016

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ගැටලු සොයා බලා එහි කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමඟ ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

    රේගු දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී වෘත්තීය සමිති සාමාජිකයින් දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    එම ගැටලු පිළිබඳ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ලබාදිය හැකි විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා පැවසීය.

    රේගු දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් සොයමින් එහි ආදායම වර්ධනය කර, ලාභදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

    රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා, සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya