අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නොකඩවා වසර 27ක් පාර්ලිමේන්තුවට

    මාර්තු 10, 2016

    1989 පෙබරවාරි මස 15 වන දින පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා 1989 මාර්තු මස 09 වන දින මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දෙන ලදි.

    1994 වර්ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේය.

    මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස 1997 වර්ෂයේදී තේරී පත්විය.

    2001 වර්ෂයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කෙරිණි.

    2004 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස තේරී පත්විය.

    2005 වර්ෂයේදී කෘෂිකර්ම, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත් කෙරිණි.

    2006 වර්ෂයේදී කෘෂිකර්ම, වාරිමාර්ග මහවැලි හා පරිසර ඇමති ධූරයත් 2007 ඇමති මණ්ඩල සංශෝධනයේදී කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා ඇමති ධූරයටත් පත්විය.

    මීට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ලෙස අවස්ථා 09 කදීම කටයුතු කර ඇති අතර 2009 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කළ අවසන් සංග‍්‍රාමය සිදුවන මොහොතේදී ද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි.

    2010 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත් කෙරුණු අතර 2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ශ‍්‍රී ලංකාවේ 06 වන විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya