මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදන්න යන ව්‍යවස්ථාවට කාටවත් ලේබලයක් අලවන්න බෑ- අමාත්‍ය විජයදාස රාජපක්ෂ

    මාර්තු 09, 2016

    හදන්න යන ව්‍යවස්ථාවට කාටවත් ලේබලයක් අලවන්න බෑ.විවිධ මතිමතාන්තර තිබුණත් රටක් ලෙස ඉදිරියට යන්න නම් රටේ අනාගත මාර්ගය සකස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාගෙත් සහයෝගය ඇතිව සම්මත කර ගැනීම තුළ සමෘද්ධිමත්,සාමයෙන් පිරි ශ්‍රී ලංකාවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


    අද (09) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා යෝජනා සම්මතය පිළිබඳ විවාදයේ අඳහස් දක්වමිනි.

     


    රටක් ලෙස ඉදිරියට  යන්න නම්,රටේ අනාගතය, දිශානිතිය තීන්දු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාගෙත් සහයෝගය ඇතිව සම්මත කර,අපිට මීට වඩා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්, සාමයෙන් පිරි ශ්‍රී ලංකාවක්,අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

     

    අපි මේ උත්සහ කරන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවට වඩා,78 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට වඩා ප්‍රශස්ථ,බහු වාර්ගික, බහු භාෂාමය, බහු ආගමික, බහු සංස්කෘතික,පරිසරයක් තිබෙන රටක් තුළ,අපිට ආපස්සට යන්න නොදී ඉදිරියට යා හැකි සංවර්ධනය කරා ය හැකි රටට ගැළපෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමටයි.

     

    රටක අනාගතය කුමන දිශානිතියකටද ගමන් කරන්නේ කියන,එක පිළිබඳව මූලික තීරණය පදනම වැටී තිබෙන්නේ,ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතයි.ලෝකයේ බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බවට පරිවර්ථනය වී තිබෙනවා. අපි දැවැන්ත කටයුත්තකට අතගසා තිබෙන්නේ.බොහොම විනිවිදභාවයකින් යුතුව,වගකීමකින් යුතුව ආණ්ඩුවක් ලෙස ඉටුකරන්න සූදානම්.හදන්න යන ව්‍යවස්ථාවට කාටවත් ලේබලයක් අලවන්න බෑ.ඒක ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහයෝගය අවශ්‍යයි.සෑම ජන කොටසකගේම සහයෝගය අවශ්‍යයි.සෑම පුරවැසියෙකුටම බය නැතිව කතා කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් ඕන, මේක ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි කියලා.එයට භේදයක් තිබෙන්න බෑ  යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya