අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව සමඟ ගිවිසුම අත්සන් කිරීමට පෙර ගිවිසුම සභාවට ඉදිරිපත් කළ හැකියි

    මාර්තු 09, 2016

    ඉන්දියාව සමඟ ගිවිසුම අත්සන් කිරීමට පෙර ගිවිසුම සභාවට ඉදිරිපත් කිරීමට හැකි බවත් අන්තිම ගිවිසුම අත්සන් කිරීමට පෙර නැවත සෑම අංශයක් සමඟ සාකච්ඡා කරන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

     

    ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පවසා සිටියේ ය.

     

    ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන බව කියන ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම පිළිබඳව මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සභාවේ අවධානයට යොමු කළේ ය.

     

    මේ සම්බන්ධව දළ ගිවිසුමක් ආණ්ඩුව විසින් සකස් කර තිබෙනවා. විපක්ෂයේ පක්ෂ නායකයින්ටත් එය ලබාදී තිබෙනවා. එය ඉන්දියාවට යවා තිබෙනවා. ඒ පිළිබඳව ඉන්දියාවේ ප්‍රතිචාරය අපි බලාගෙන ඉන්නවා.තව සුමාන දෙක තුනකින් ඊට පිළිතුරු ලැබෙයි.

     

    ඉන් පසු ඒ ගැන සාකච්ඡා කරලා,අත්සන් කිරීමට පෙර ගිවිසුම සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්තිම ගිවිසුම අත්සන් කිරීමට පෙර නැවත හැම අංශයක් සමඟ සාකච්ඡා කරනවා. කිසිවක් හංගන්න දෙයක් නෑ. මේ පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කරනවා. එය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya