අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ යහපැවැත්මට කාන්තාවගේ දායකත්වය අතිශයින් අගය කළ යුතුයි

    මාර්තු 08, 2016

    සමාජයේ යහපැවැත්ම සහ ඉදිරි ගමන උදෙසා තම ජීවිතය කැප කරමින් කාන්තාව ලබා දෙන දායකත්වය අතිශය අගය කටයුතු ය. කාන්තාවට නිසි ගෞරවය, රැකවරණය, ඇගයීම, ආදරය ලබා දෙමින්, ඇය ප්‍රගතිශීලී සමාජ ගමනට සහභාගි කරගැනීම සමස්ත සමාජයේ වගකීම බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුභාශිංසන පණ්වුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් පරිදි වේ.
    “සුභාශිංසන පණිවුඩය
        
    සමාජයේ යහපැවැත්ම සහ ඉදිරි ගමන උදෙසා තම ජීවිතය කැප කරමින් කාන්තාව ලබා දෙන දායකත්වය අතිශය අගය කටයුතු ය. කාන්තාවට නිසි ගෞරවය, රැකවරණය, ඇගයීම, ආදරය ලබා දෙමින්, ඇය ප්‍රගතිශීලී සමාජ ගමනට සහභාගි කරගැනීම සමස්ත සමාජයේ වගකීමයි.
     
    යහපත් සමාජයක් ගොඩනැංවීම උදෙසා ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමභාවිතය සවිබල ගැන්වීම සහ ඔවුන් දායක කරගැනීමේ වැදගත්කම කෙරෙහි සමාජයක් ලෙස අපගේ අවධානය යොමු විය යුතුය. ඒ තුළ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු සඳහා කාන්තාව දිරි ගැන්වීමට බල ගැන්වීමට සුදුසු ස්ථිරසාර පරිසරය නිර්මාණය කිරීම අපගේ වගකීමකි.

    කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් “සවිබල කතක් - තිරසර හෙටක්” තේමාව තුළ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ එකී සමාජ වගකීම ඉටුකරනු සඳහා කාන්තාව දිරිගැන්වීමේ තවත් ඉදිරි පියවරක් ලෙසිනි.

    සුවිශේෂව කාන්තාවටත්, පොදුවේ ජනතාවටත් වඩාත් ගෞරවනීයව, සුරක්ෂිතව නිදහස් මනසකින් දිවි ගෙවිය හැකි සමාජ, ආර්ථික වටපිටාවක් නිර්මාණය කර දීම වත්මන් රජයේ අපේක්ෂාවයි.

    තම දැනුම, ආකල්ප, කුසලතා ඔප් නංවාගනිමින් ඒ සඳහා දායක වන්නට සමස්ත ලාංකීය කාන්තාවට හැකි වේවා යි ප්‍රාර්ථනය කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya