අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට කාන්තාව සවිබල ගැන්විය යුතුයි – ජනපති

    මාර්තු 08, 2016

    ආර්ථික, සාමජයීය වශයෙන් මෙන්ම රැකියා ඉලක්ක කොට ගත් දියුණු අධ්‍යාපන හා වෘත්තීය නිපුණතාවයන් කාන්තාව වෙත ලබා දෙමින් සමාජ නායකත්වය වෙත ගෙන ඒමට ඇති නීතිමය සහ සමාජමය බාධක ඉවත් කර, තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට කාන්තාව සවිබල ගැන්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත‍්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    ලොව බොහෝ රටවල සෑම වසරකම මාර්තු මස 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් අන්දමින් සමරන කාන්තා දිනයේදී කිසිදු භේදයකින් තොරව මානව, දයාව උරුම කරගත් සමාජයකට මෙන්ම, ආගමික හැදියාවෙන් පෝෂණය වූ සංස්කෘතියකට උරුමකම් කියන කාන්තාවන් තම ජයග්‍රහණය උදෙසා තවදුරටත් දිනා ගතයුතු අයිතීන් පිළිබඳව කතා කරයි.

     

    කාන්තා දිනය සැමරීම ජාති, වර්ණ, සංස්‌කෘතික, ආර්ථික හා දේශපාලන හර පද්ධතීන්ගෙන් තොරව ලොව පුරා වසර ගණනාවක් තිස්සේ නොකඩවා සිදු කර තිබේ.

     

    වත්මන් රජයේ දැඩි කැපවීම හා සංවේදී බව පළ කරමින් පාර්ලිමේන්තුව ඇතුළු දේශපාලන ව්‍යුහයන් තුළ කාන්තා නියෝජනය තහවුරු කෙරෙන නීති ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව ජනාධිපතිතුමා සිය පණිවුඩෙයහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya