අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට ලෙස්ලි දේවේන්ද්‍ර මහතා

    මාර්තු 03, 2016

    ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් කර ඇත.

    ඒ මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ක‍්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙකු වන ලෙස්ලි දේවේන්ද්‍ර මහතාට මෙම තනතුර පිරිනැමෙන්නේ ඔහුගේ වෘත්තීය සමිති ජීවිතයට වසර 52 ක් සපිරෙන අවස්ථාවේදීය.

    ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය මේ රටේ විශාලතම සහ ශක්තිමත් ම වෘත්තීය සමිති ව්‍යාපාරය බවට පත් කිරීම සඳහා ප‍්‍රබල කාර්යභාරයක් ඉටුකරන ලද්දේ ද ලෙස්ලි දේවේන්ද්‍ර මහතා විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya