අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව ඇති විය යුත්තේ ජාත්‍යන්තර බලපෑමෙන් නොව ජනතාව තුළින්ය - ජනපති

    මාර්තු 04, 2016

    වසර 26 ක ත‍්‍රස්තවාදයෙන් විපතට පත් වූයේ උතුරේ සහ දකුණේ ජනතාව බැවින් සංහිඳියාව ඇතිවිය යුත්තේ එම ජනතාව තුළින්ම මිස විදේශ බලපෑම් මත නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ තෙදින නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මහලේකම් එල්හාජ් අස්-සී Elhadj As Sy මහතා සමඟ ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති හමුවට එක් වෙමිනි.

     

    විදේශ සංවිධාන සහ බලධාරින් උතුරට සහ නැගෙනහිරට ගොස් සංහිඳියාව ඇති කිරීමට ප‍්‍රයන්ත දරන නමුත් සත්‍ය ලෙසම සංහිඳියාව ඇතිවිය යුත්තේ ජනතාවගේ හදවත් තුළින් බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    පසුගිය නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ගායනා කෙරුණු අතර ඒ පිළිබඳ විවිධ විවේචන එල්ල වූ බවත් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා සංහිඳියාව ගොඩනැඟිම සඳහා පළමුව සියලු ජනතාව තුළ ආකල්පමය වෙනසක් සිදු කළ යුතු බවද පැවසීය.

     

    මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මහලේකම්වරයා ප‍්‍රකාශ කළේ තමා ඊයේ දින උතුරේ සංචාරයක නිරත වූ බවත් එහිදී අන්කවරදාවත් නොවූ විරූ ප‍්‍රබෝධයක් තමා උතුරේ ජනතාව තුළින් දුටු බවත්ය.

     

    එම ජනතාවට සංවර්ධනයේ මෙන්ම නිදහසේ ප‍්‍රතිලාභ ලබාදෙමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී මහලේකම්වරයාගේ ඇගයීමට ලක් විය.

    තමා උතුරේදී සියැසින් දැකබලාගත් මෙම සත්‍ය තත්ත්වය ජිනීවාහි මානව හිමිකම් කොමිසම් කාර්යාලය වෙත වාර්තාකරන බවද මහලේකම්වරයා පැවසීය.

     

    ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය ඇතිව වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් සහ යාපනයේ ප‍්‍රදේශවල කි‍්‍රයාත්මකවන සුබසාධන වැඩසටහන් පිළිබඳවද මෙහිදී මහලේකම්වරයා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේය

     

    ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳ මෙහිදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මහ ලේකම්වරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා විශේෂයෙන් සුනාමි අවස්ථාවේ ලබාදුන් සහයෝගයද කෘතඥතා පූර්වකව සිහිපත් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya