අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන ක්ෂේත්‍රයේ කප්පම් ගැනීම වැළැක්වීමට ජනපති උපදෙස්

    මාර්තු 01, 2016

    බස් රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් වහාම කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන්ට  උපදෙස් ලබා දුන්නේය.


    කලක සිට පවතින මෙම දුෂිත තත්ත්වය පිළිබඳ නව රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රටේ සියලු ක්ෂේත‍්‍රවල වංචා, දුෂණ, අක‍්‍රමිකතා මෙන්ම අයහපත් තත්ත්වයන් වෙනස් කිරීමට පත් වූ රජයක් ලෙස ඉදිරියේදී ඒ පිළිබඳව ද දැඩි තීන්දු තීරණ ගන්නා බව ද  ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ගැටලු පිළිබඳ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවතී විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

    පසුගිය රජයන් මෙම කටයුත්තට අත නොගැසුව ද සියලු ක්ෂේත‍්‍රවල මෙන්ම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේද වංචා දුෂණ වැළැක්වීමට නව රජය නොබියව මැදිහත්වන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරමින් පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර ඒ ඒ පළාත්වලට ආදළ ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

    පළාත් 09 ක් ලෙස කටයුතු කළද රට වශයෙන් කි‍්‍රයාත්මක විය යුත්තේ එකම ප‍්‍රතිපත්තියක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ගැටලු නිරාකරණය කර ගැනීමට සියලු දෙනා එක ප‍්‍රතිපත්තියක් යටතේ කැපවිය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

    ඒකාබද්ධ කාලසටහනක් කි‍්‍රයාත්මක වුවත්, බොහෝ අවස්ථාවල එකවර බස් රථ ධාවනය වීම හා පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් ඉලක්ක ළඟා කර ගැනීමට නොහැකිවීම, කොළඹ නගරය තුළ බස් රථ ගාල් කිරීමේ ස්ථානවල පවතින අවහිරතා, පර්යන්ත පහසුකම් නොමැතිවීම, කෙටි දුර ධාවන බස් රථ සහ දුර සේවා සඳහා වෙනම බස් නැවතුම්පලවල් නිර්මාණය කිරිම ආදි කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya