අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර කිලේ ග්‍රෑම් 50ක මිටියක් රුපියල් 2500ට දීමට ජනපති උපදෙස්

    පෙබරවාරි 29, 2016

    ගොවීන් සඳහා ලබාදෙන සියලුම වර්ගයේ කිලෝ ග‍්‍රෑම් 50 ක පොහොර මිටියකට රුපියල් 2500 ක උපරිම මිලක් නියම කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

    එමෙන්ම අද මධ්‍යම රාති‍්‍රයේ සිට අල සහ ලොකු එනු ආනයනික බද්ද ඉහළ දැමීමට ද ජනාධිපතිවරයා  උපදෙස් ලබා දී ඇත.

    දිවයින පුරා ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශවල සහභාගිත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

    මෙතෙක් වෙළඳපොළ තුළ කිලෝ ග‍්‍රෑම් 50 පොහොර මිටිය රුපියල් 2750, 3400 සහ 3500 මිල ගණන් යටතේ පැවති අතර පොහොර මිලදී ගැනීමේදී ගොවි ජනතාව පත්ව ඇති අසීරුතාවය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

    එමෙන්ම පොහොර මිටියේ මිල ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්යය කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා රජයේ සහ පෞද්ගලික අංශ දෙකේම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරීමටද උපදෙස් දුන්නේය.

    හෙක්ටයාර් 01 ක් සඳහා රුපියල් 25,000 බැගින් ගොවි ජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය ගොවින්ගේ ඕනෑම බැංකුවක පවතින ගිණුමක් සඳහා බැර කිරීමටත්, ගොවින් විසින් ලබාගෙන තිබෙන ණය මුදල් සඳහා එම මුදල් කපා නොහරින ලෙසත් ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ගොවි ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු තීරණයක් නොගන්නා බවයි. එමෙන්ම ගොවි ජනතාව වෙත ආර්ථික බරක් පැටවීමට කටයුතු නොකිරීම රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    වී මිලදී ගැනීම සහ පොහොර සහනාධාරය පිළිබඳ ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    මෙම ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ති‍්‍රක් ගොවි සංගම් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ පොලොන්නරුවේදී පැවැත්වුණු අතර එහිදී එම නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

    රජය විසින් කි‍්‍රයාවට නංවා ඇති දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පළාත් මට්ටමින් කි‍්‍රයාත්මක කිරීමේදී ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර වස විස නැති රටක් ජාතික වැඩසටහන යටතේ මාර්තු 06,07,08 දිනවල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ජාතික ප‍්‍රදර්ශනය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, අදාළ සියලු අංශ නියෝජනය කරමින් නිලධාරිහුද මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya