අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දිශාවකින් ජාත්‍යන්තර සහය ඇති රට සංවර්ධනයට පියවර

    පෙබරවාරි 24, 2016

    නව සංවර්ධන දිශාවන් සහ ප‍්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් ජාත්‍යන්තරයේ ද සහාය ඇතිව රට සංවර්ධනය කරා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පුත්තලම, පල්ලම නන්දිමිත‍්‍ර මධ්‍ය මහා විද්‍යාලයේ නව තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (23) පස්වරුවේ එක් වෙමිනි.

    විද්‍යාලයේ උසස් පෙළ දරුවන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කෙරුණු නන්දිමිත‍්‍ර යෝධයාගේ පිළිරුවඳ මෙහිදී ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සංවර්ධනයේ ප‍්‍රමුඛතාවයන් නිසි ලෙස හඳුනා නොගෙන කටයුතු කිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ඇතැම් පළාත්වල ජනතාවට සංවර්ධනයේ ප‍්‍රතිලාභ අහිමි වූ බවයි.

    සංවර්ධනයෙන් අඩු දිස්ති‍්‍රක්ක සංවර්ධනය වූ දිස්ති‍්‍රක්ක මට්ටමට ගෙන යාම දේශපාලනඥයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රජය සහ පළාත් සභා එකම ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම තුළින් රටේ සංවර්ධන සමබරතාවය රැක ගත හැකි බවද කියා සිටියේය.

    රට දියුණු කිරීමට අවශ්‍ය දැනුම, තාක්ෂණය මෙන්ම භෞතික සම්පත් ද අද ලෝකයේ මිත‍්‍රශිලි රාජ්‍යයන්ගෙන් ශී‍්‍ර ලංකාවට ලැබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා වසර කිහිපයකට පෙර යුරෝපා සංගමයෙන් ප‍්‍රතික්ෂේප වූ ශී‍්‍ර ලංකාව යළි යුරෝපයට සමීප කරමින් වෙළෙඳ,ආර්ථික, අධ්‍යාපන ගිවිසුම් රැසකට එළැඹීමට තමා පසුගියදා සිදු කළ ජර්මන් සහ ඔස්ටි‍්‍රයා නිල සංචාරයේදී හැකි වූ බවද ප‍්‍රකාශ කළේය.

    හෙට දිවයිනට පැමිණෙන නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා සමග ශී‍්‍ර ලංකාව සහ නවසිලන්තය අතර වෙළෙද ආර්ථික සබදතා ශක්තිමත් කර ගැනීමට අදාළ සාකච්ඡුා පවත්වන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීය.

    විශිෂ්ට ලෙස අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් සිදු කරන විදුහල්පති ඒ.එම්. ගාමිණි රංජිත් ගුණසේකර මහතා වෙත පාසල් සංවර්ධන සමිතිය මගින් පිරිනමන ලද විශේෂ තිළිණයද පිරිනැමුණේ ජනාධිපතිතුමා අතිනි.

    නන්දිමිත‍්‍ර යෝධයාගේ පිළිරුව නිර්මාණය කළ නිර්මාණ ශිල්පීන් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු විය.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, පාලිත රංගේ බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසානයක, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් රැසක් ද විදුහල්පති, ආචාර්ය මණඩලය, ආදි සිසුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya