අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා කර්මාන්තයේ ගැටලු සාකච්ඡාවට සිනමා ශිල්පීන් ජනපති හමුවෙති

    පෙබරවාරි 24, 2016

    චිත‍්‍රපට කර්මාන්තය වර්තමානයේ මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හෙළ සිනමා ශිල්පීන්ගේ සංධානයේ සාමාජිකයින් අතර ඊයේ  (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    චිත‍්‍රපට කර්මාන්තය දශක හයකට වැඩි කාලයක් පුරා බිම් මට්ටමින් හෝ ආරක්ෂා වූයේ රාජ්‍ය අනුග‍්‍රහය හා දිරිමත් කිරීම් හේතුවෙන් බව කියා සිටි කලාකරුවෝ, ගුණාත්මක චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී සහ එය ප‍්‍රදර්ශනය කිරීමේදී රාජ්‍ය සහය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්හ.

    චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේදී, ආනයනයේදී හා බෙදාහැරීමේදී අදාළ පනත් නොසලකා හැරීම් සිදුවන බැවින් ගැටලු රාශියක් මතුවී ඇති බව පෙන්වාදුන් සිනමා ශිල්පීහු ඒ හේතුවෙන් වටිනා සිනමා කෘති ප‍්‍රදර්ශනය කර ගත නොහැකිව ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම අපේක්ෂා කරන බවත් සඳහන් කළහ.

    මෙහිදී චිත‍්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට නොදී චිත‍්‍රපට සංස්ථාව යටතේ තබා ගන්නා ලෙස කලාකරුවෝ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    චිත‍්‍රපට කර්මාන්තය සහ කලාකරුවන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රජය පසුබට නොවන බැවින් සිනමා ශිල්පීන්ගේ යෝජනා ලිඛිතව තමා වෙත ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිතුමා සිනමා ශිල්පීන්ට දැනුම් දුන්නේය.

    ආනයනික චිත‍්‍රපට හා නාට්‍ය සඳහා පනවා තිබූ බදු ඉවත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බදුන් වූ අතර ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් රජය කටයුතු කරන බැවින් දේශීය නිර්මාණකරුවන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු ආයතන, සංවිධාන සහ වගකිව යුතු පුද්ගලයින් ගෙන්වා සාකච්ඡා කොට සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරි පියවර ගන්නා බව මෙහිදී ජනාධිපතිතුමා කලාකරුවන්ට දැනුම් දුන්නේය.

    මෙම අවස්ථාවට හෙළ සිනමා ශිල්පීන්ගේ සංධානය නියෝජනය කරමින් රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ‍්‍රියානි අමරසේන, රොබින් ප‍්‍රනාන්දු, සංගීතා වීරරත්න, රෙක්ස් කොඩිප්පිලි යන ප‍්‍රවීණ රංගන ශිල්පීන් ඇතුඑ පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya