අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිය වසරවලට වඩා වැඩි ආධාර

    පෙබරවාරි 24, 2016

    ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් පසුගිය වසර කිහිපය තුළ ලබාදුන් ආධාරවලට වඩා වැඩි ආධාර ප‍්‍රමාණයක් ඉදිරි වසර තුන තුළදී ලබාදීමට අපේක්ෂා කරන බව එහි සභාපති ටකෙහිකෝ නකාවෝ (Takehiko Nakao) මහතා පවසයි.

    දිවයිනට පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන සහ වාරිමාර්ග ක්ෂේත‍්‍රවල ප‍්‍රවර්ධනය සඳහා විශේෂ ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව පැවසූ සභාපතිවරයා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ද විශේෂ සහාය ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම ශී‍්‍ර ලංකාව අද නව ආයෝජන සඳහා හොඳ මධ්‍යස්ථානයක් ලෙස තමා දකින බවද සභාපතිවරයා පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ දැනට ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර පසුගිය කාලය තුළ ඇතැම් ව්‍යාපෘති විධිමත් සැලසුම් ඔස්සේ කි‍්‍රයාත්මක නොකිරිම හේතුවෙන් එහි ප‍්‍රතිලාභ යම් යම් ප‍්‍රදේශවලට පමණක් සීමා වූ බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    නමුත් නව රජය කෙටිකාලීන සහ දීර්ඝකාලීන යන අංශ දෙකෙන්ම රටේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ජාතික ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එහිදී දුෂණ, වංචා සහ අක‍්‍රමිකතාවලින් තොරව විනිවිද භාවයකින් යුතුව කටයුතු කරමින් ආධාර මුදල් සියයට සියයක්ම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම නව රජයේ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ තමා පෞද්ගලිකවම අවධානය යොමු කරමින් කටයුතු කරන බව ද කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya