අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෘජුව ගම සමඟ සබදතාවය ඇති වන ලෙස ඡන්ද ක්‍රමය වෙනස් කළා නම්,අවශ්‍ය ඉලක්කයට යා හැකියි

    පෙබරවාරි 23, 2016

    සෘජුව ගමත් සමඟ සබදතාවය ඇති කිරීමේ ක්‍රමයක් හැටියට ඡන්ද ක්‍රමය වෙනස් කළා නම්,අවශ්‍ය ඉලක්කයට යා හැකි බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ  ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23)පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරිම පිළිබඳ යෝජනාවට අදාළ විවාදයට එක් වෙමිණි.

     

    මැතිවරණ‍‍යේ දී ‍පො‍රොන්දු වූ පරිදි ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, විධායක ජනාධිපති බලතල අ‍හෝසි කරන්නට ඉදිරිපත් වුණා. ඇතැමුන් විවිධ වි‍වේචන ඉදිරිපත් කරනවා. මේ පාර්ලි‍මේන්තුව කාරක සභාවක් වශ‍යෙන් ක්‍රියාකරමින් නව ව්‍යවස්ථාවක් ‍ගෙනඒමට පියවර ‍ගෙන ති‍බෙනවා.

    තු‍නෙන් ‍දෙකක ඡන්දයකින් ‍මේ ර‍ටේ ව්‍යවස්ථාව ‍වෙනස් කළයුතු වෙනවා.මේ ර‍ටේ ඡන්ද ක්‍රමය ‍වෙනස් කරන්නට ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමාට අවශ්‍යතාවය ති‍බෙනවා.  

     

    ගමට වගකියන මන්ත්‍රීවරයකු බිහි කළේ නැත්නම්, ඡන්ද කාලේ යම් යම් ප්‍රදේශවලට යනවා,  ඡන්දයෙන් පස්සේ ගමත් එක්ක සම්බන්ධයක් නෑ. සෘජුව ගමත් සමඟ සබදතාවය ඇති කිරීමේ ක්‍රමයක් හැටියට ඡන්ද ක්‍රමය වෙනස් කළා නම්,ඉලක්කයට යන්න පුළුවන්.

     

    ව්‍යවස්ථාදායක මණ්ඩලය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්. ඕනෑම මන්ත්‍රීවරයකුට තමන්ගේ අඳහස් ඉදිරිපත් කරන්න පුළුවන්.සමහර උදවිය මෙය වේදිකාවක් කරගන්න හදනවා,මේ පිළිබඳව හරයාත්මකව බලන්න ඕන.ඉලක්කය සියලු දෙනාගේම අවශ්‍යතාව වන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කමක් ඇති කරන්න,ඒ නිසා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි.


    සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාමත් ප්‍රගතිශීලී මන්ත්‍රීවරු අඳහස් ඉදිරිපත් කර තිබෙනවා. සමහර උදවිය අප සමඟ සාකච්ඡා කරනවා.සියලු දෙනාගේම සහයෝගීත්වයෙන් මේ යෝජනාව සම්මත කරගැනීමට හැකිවෙයි කියා සිතනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya