අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාව සකස් කරලීම යුගයේ අවශ්‍යතාවයක්- සභානායක

    පෙබරවාරි 23, 2016

    නව ව්‍යවස්ථාව සකස් කරලීම යුගයේ අවශ්‍යතාවයක් බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.


    නිදහසින් පසුව විසඳාගත නොහැකි වූ ප්‍රශ්න විසඳා ගැනිමට ජාතික ආණ්ඩුවක් බිහිකළ බව සභානායකවරයා ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරිම පිළිබඳ යෝජනාවට අදාළ විවාදයට එක් වෙමිණි.

     

    මුල් යෝජනාව අපි සංශෝධනය කර තිබෙනවා.ඡන්දයට කලිනුයි සංශෝධන ඉදිරිපත් කරන්නේ.දැන් මගේ කතාවේදි මම ඉගියක් දෙනවා.අපි ශ්‍රී ලනිපය සමඟ මේ ගැන සාකච්ඡා කර තිබෙනවා.යම් එකඟතාවයකට ඇවිත් තිබෙනවා.

     

    නිදහසින් පසුව විසදා ගත නොහැකි වූ ප්‍රශ්න විසදා ගැනිමටයි ජාතික ආණ්ඩුවක් බිහි කළේ.රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතුයි.පසුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී ජනාධිපතිතුමා, අගමැතිතුමා ජාතික ආණ්ඩුවක් හදන බව කීවා.

     

    1948 සිට මේ රටට බලපාන මූලික ප්‍රශ්න වලට විසදුම් ලැබුනේ නැහැ.සිංගප්පූරුවට නිදහස ලැබුනම, කිව්වේ ශ්‍රී ලංකාවක් වගේ රට හදනවා කියලා.අද අපි කොහ්ද ඉන්නේ.අපි වසර 30ක් යුද්ධයට ගියා.මේ ප්‍රශ්න අනාගතයට ඉතිරි නොකර තිත තැබිය යුතුයි.එක්සත් ජාතින්ගෙන් එන ප්‍රශ්නවලට, යුද අපරාධ වලට අපි විසදුම් දිය යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ ඇමැතිවරු අපිට ඉන්නවා.නව ව්‍යවස්ථාවක් හදලා නැහැ. යෝජනා විතරයි.

     

    අද යෝජනාවේ තිබෙන්නේ, ආණ්ඩුව විපක්ෂය එකතු වි නව ව්‍යවස්ථාව හදන එකයි.මම ශී ලංකා නිදහස් පක්ෂයේ එකතු වූ මන්ත්‍රින්ට ස්තූති කරනවා.ප්‍රධාන පක්ස දෙක එකට එකතු වීමෙන් රට ඉදිරියට ගෙන යා හැකියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya