අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියයට 90ක් ප්‍රශ්න විසඳා දුන්නා- කතානායක

    පෙබරවාරි 23, 2016

    සියයට 90ක් ප්‍රශ්න විසඳා දුන්නා.මට බැරි ප්‍රශ්න තිබෙනවා. අසාධාරණ ලෙස මගෙන් බලාපොරොත්තු වෙන්න එපා යැයි කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    ඒකාබද්ධ විපක්ෂය ලෙස විසඳුමක් බලාපොරොත්තු වූ බවත් එය ඉටුවනවා ද? යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී  මතු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසී ය.

     

    ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කර තිබුණා. කල්තැබීමේ යෝජනාවට අවස්ථවක් ලබාදීම,කෝප්, රාජ්‍ය ගිණුම් ආදීය සම්බන්ධයෙන් පත් කිරීම් කරන්න කියලා, මීට වඩා වෙලාව ලබාදෙන්න කියලා, 23(2) යටතේ අවස්ථාව ලබාදෙන්න කියලා ඉල්ලීමක් කර තිබුණා. අද අපි ලබාදී තිබෙනවා වේලාව. විනාඩි 91න් 51ක් ලබාදී තිබෙනවා.කල්තැබීමේ යෝජනාව සම්බන්ධයෙන් සන්ධානයේ නායකයන් සමඟ එකඟ වුණා, සතියකට වරක් අවස්ථාව ලබාදීමට.ඉතුරු වී තිබෙන්නේ 23(2) පිළිබඳ ප්‍රශ්නයයි. දැන් තිබෙන නීති රීති අනුව මම සොයා බැලුවා.එක පක්ෂයක් තුළ පක්ෂ දෙකක්තිබෙන්න බෑ. පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කර, එකඟ වි එන්න,ඉන් පසු එය විසඳා දිය හැකියි.සියයට 90ක් ප්‍රශ්න විසඳා දුන්නා.මට බැරි ප්‍රශ්න තිබෙනවා.අසාධාරණ ලෙස මගෙන් බලාපොරොත්තු වෙන්න එපා.අනෙක් සියල්ල මා ලබදුන්නා.

     


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-


    මේ පිළිබඳව සාකච්ඡා කළා.මේ ප්‍රශ්නය අපිට විසඳාගන්න පුළුවන්.එක්සත් ජාතික පක්ෂයට මෙය තනිව කරන්න බෑ.පක්ෂවලට අයිතිවාසිකම් තිබෙනවා.අපි නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා.ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා.හයට අපි රැස්වෙන්නම්.ඔබතුමන්ලා ඔක්කෝම සන්ධානයටයි අයිති.සන්ධානය එක්ක වැඩකළ යුතුයි.


    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

    23 (2) ඉදිරිපත් කරන්න පුළුවන් පක්ෂ නායකයන්ට පමණයි.කවුද ඔබලාගේ පක්ෂ නායකයා? ඒකාබද්ධ විපක්ෂයේ නායකයා කවුද ? නායකයෙක් නෑ. නායකයෙක් නැති වුණාම, 23(2) කරන්නේ කොහොමද? විහිළුවක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya