අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජකයන්ට ඇවිත් පටන් ගන්න පුළුවන්-එහෙත් කැමැති විදියට මිනිස්සු ගේන්න බෑ

    පෙබරවාරි 23, 2016

    අපිට වුවමනා වී තිබෙන්නේ, තාක්ෂණ අධ්‍යාපන ආයතන ගෙන්නයි. නිෂ්පදන හා සේවා අංශ විවෘත කරනවා. ආයෝජකයන්ට ඇවිත් පටන් ගන්න පුළුවන්. එහෙත් කැමැති විදියට මිනිස්සු ගේන්න බෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    ඉන්දීයාව සමඟ ඇති කරගැනීමට යන ගිවිසුම පිළිබඳව ඇත්තේ හුඹස් බියක් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. හුඹස් බියක් කියන්නේ කිසිදු ප්‍රකාශයක් නැති,කිසිදු ලියවිල්ල නැතිව පදනම් වූ ඒවයි.මෙතැන නිශ්චිතව ප්‍රකාශ කර තිබුණා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

     

    මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට පිළිතුරු ලබදුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා;

     

    අපි චීනය සමඟ ගිවිසුමක් ඇත්සන් කරනවා, නැව් අලුත්වැඩියා කරන්නයි,නිෂ්පාදනය කරන්නයි. චීනය සමඟ සාකච්ඡා කරන්නේ,මාර්තු අන්තිම වනවිටයි. මේ අංශය විවෘත කරනවා. නිෂ්පදන හා සේවා අංශ විවෘත කරනවා. ආයෝජකයන්ට ඇවිත් පටන් ගන්න පුළුවන්.එහෙත් කැමැති විදියට මිනිස්සු ගේන්න බෑ.ලංකාවේ ඕන අය බඳවා ගන්න.තමන්ට අඩුවක් තිබෙනවා නම් අපිට කියන්න.

     

    අපිට වුවමනා වී තිබෙන්නේ තාක්ෂණ අධ්‍යාපන ආයතන ගෙන්නයි.අපිට මානව සම්පත පුහුණු කරන්න පුළුවන්.නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇතිවෙයි. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණයට ගෙවන පඬිය ශ්‍රී ලංකාවට වඩා වැඩියි.ශ්‍රී ලංකාව එතැනට ගියෝත් අපිට විශාල හිඟයක් වෙනවා. අපිට වාසි ලෙසයි මෙය විවෘත කරන්නේ. දේශකයන්ට ,කථිකාචාර්යවරුන්ට එන්න ඉඩ දෙන්න ඕන.

     

    ඕනම අංශයක් අපිට විවෘත කරන්න පුළුවන්.ඒ කියන්නේ ආයෝජකයන්ට විවෘත කරනවා.ඒ වුනාට නිදහසෙ ඕන කෙනෙකුට ඇවිත් බැදෙන්න බෑ. අපි සකස් කරන ලියවිල්ල යවන්න පෙර ,ඉන්දීය වාර්තාවත් අරගෙන දෙකම සාකච්ඡා කරමු.තොරතුරු තාක්ෂණය කියන්නේ සේවාවක්.ඒ සේවය විවෘත කරනවා.ගියපාර හුගක් අයට එන්න ඉඩ දුන්නේ නෑ.අපි මේවා ගේන්නේ ඩොලර් මිලියන 05ක් ඉල්ලන්නේ නැතිවයි.හම්බන්තොට කී දෙනෙකුට රැකියා නැති වුණාද? විවෘත කළාම, අඩුවක් තිබෙනවා නම් අපි බලන්නම්.මේ පාරවල් හදන්න චීන ඉංජිනේරුවෝ කී දෙනෙක් ආවද? අද විතරද මතක් වුණේ. පුහුණුවීමට කට්ටිය ගෙන්න ඕන. එතකොට අපේ රටේ තරුණ, තරුණියන්ට රැකියා ලබාදෙන්න පුළුවන් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya