අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ‍ගොදුරක් බවට පත්‍ ‍නොවීමට රජය සෑම වැඩපිළි‍වෙලක්ම ගන්නවා

    පෙබරවාරි 23, 2016

    පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ‍ගොදුරක් බවට පත්‍ ‍නොවීම සඳහා අවශ්‍ය සෑම වැඩපිළි‍වෙලක්ම රජය විසින් ගන්නා බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (23)  පාර්ලි‍මේන්තු‍වේ දී ප්‍රකාශ ක‍ළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ‍ගොදුරුවීම වැළැක්වීම සඳහා ‍  පියවර ‍ගෙන ති‍බෙන බව සදහන් කළ අමාත්‍යවරයා, ‍මෙ‍තෙක් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් රැසක් පවතින බවද පැවසීය.

     

    පසුගිය  2015 වස‍රේ දී වැඩසටහන් 564ක් මඟින් සිසුන් 99,956ක් දැනුවත් කළ බවද   එ‍මෙන්ම 2013 වස‍රේ දී වැඩසටහන් 137ක් මඟින් සිසුන් 21,605ක් සහ 2014 වස‍රේ දී වැඩසටහන් 319ක් හරහා 70,322ක් දැනුවත් කිරීමට පියවර ‍ගෙන ති‍බෙන බවද අමාත්‍යවරයා සදහන් ක‍ළේය.

     

    මත්ද්‍රව්‍ය නිවරණය සහ ඒ සම්බන්ධ‍යෙන් පාසල් දරුවන් දැනුවත් කිරීම ‍වෙනු‍වෙන් ප්‍රජා ‍පොලිස් ඒකක හරහා පුළුල් වැඩපිළි‍වෙලක් ‍මේ වනවිට ආරම්භ කර ති‍බෙන බව සදහන් කළ අමාත්‍යවරයා, පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, බස්රථ ‍සේවකයන්, ‍දෙමාපියන් ‍මෙන්ම විද්‍යාපීඨ හරහා නවක ගුරුවරුන් ඇතුළු සියලු පාර්ශවයන් ‍මේ හරහා දැනුවත් කිරීමට පියවර ‍ගෙන ති‍බෙන බවද සදහන් ක‍ළේය.

    ‍‍

    මේ අතර ඇතැම් මත්ද්‍රව්‍ය මත්පැන් ජාවාරම්කරුවන් විසින් එම ජාවාර‍මේ අතරමැදි තැරැව්කරුවන් වශ‍‍යෙන් පාසල් දරුවන් ‍යොදා ගන්නා බවට ‍මෙහිදී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සදහන් කළ අතර ‍මෙවැනි ක්‍රියාදාමයන් සම්බන්ධ‍යෙන් දැනුවත් කිරී‍මේ වැඩපිළි‍වෙලක් ති‍බෙනවා දැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ‍දෙමින් අමාත්‍ය සාගල රත්නායක මහතා ‍පෙන්වා‍ දුන්නේ, ප්‍රජා ‍පොලිස් ඒකක‍යේ සහාය මත එවැනි දැනුවත් කිරී‍මේ වැඩසටහනක් රජය විසින් දැනටමත් ආරම්භ කර ති‍බෙන බවයි.

    මෙහිදී ‍පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ‍මෙන්ම මහජන ‍සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල හරහා මත්ද්‍රව්‍ය සම්බන්ධ‍යෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ‍ගෙන ති‍බෙන අතර එහිදී මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු බවද ජනාධිපති කාර්යය සාධක බලකාය හරහා එම කටයුතු සිදු‍වෙමින් පවතින බවද පැවසීය.

    මේ සම්බන්ධ‍යෙන් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ‍සෙමින් පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ‍පෙන්වා දුන්නේ පසුගිය වසර ප‍හේ දී පාසල් දරුවන් 551 ‍දෙ‍නෙකු මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීම් ‍හේතු‍වෙන් අත්අඩංගුවට ‍ගෙන ති‍‍‍බෙන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya