අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිවිසුම ගැන වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මාර්තු 04දා ඉන්දීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට

    පෙබරවාරි 23, 2016

    ඉන්දු- ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මාර්තු 04 වන දා ඉන්දීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.


    ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව අප ගැඹුරින් සලකා බලමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා,දෙපාර්ශවයේ කෙටුම්පත් සකස් කිරීමෙන් පසු,සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ගිවිසුමේ අවසන් කෙටුම් පත සකස් කරන්නේ සාකච්ඡාවලින් පසුව බව පැවසී ය.


    අප මේ අලූත් ගිවිසුම පිළිබඳව මේ සභාවට විටින් විට දැනුවත් කර තියෙනවා. ඒ වගේම විවිධ සංවිධාන දැනුවත් කර තියෙනවා.මේ ගිවිසුම ගැන බොරු පතුරවන යම් යම් සංවිධාන නියෝජිතයන්ට පවා අප මේ ගැන සාකච්ඡාවන්ට ආරාධනා කර තියෙනවා. ඔවුන් ඒ සාකච්ඡාවලට සහභාගී වී තියෙනවා.

     

    ඉතින් මම නැවතත් මේ ගරු සභාවටත්, සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත් දන්වා සිටින්නේ නූපන් දරුවෙකුගේ කේන්දරයේ දොස් දැකීම සාධාරණ නොවන බවයි. කේන්දරය දැක්කයින් පස්සෙ තමයි පෙනෙන්නේ ඒ දරුවගේ තියෙන හොඳ අනාගතය.

     

    රාජ යෝගයක් තියෙන දරුවෙක් තමයි අපි ගේන්න යන්නෙ. තමන් සිතේ මවා ගත් බිල්ලෙක් ගැන කියමින් ජනතාව මුළා කිරීම යුක්ති සහගත නොවන බවයි. තවමත් සාකච්ඡා මට්ටමේ ඇති,අවසන් කෙටුම්පත සකස් නොකළ ගිවිසුමක් ගැන, මිත්‍යා මත පැතිරවීම පදනමක් නැති කටයුත්තක් බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya