අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු පක්ෂ හා සුළු ජාතීන් නියෝජනය කරන මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුතුයි -අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    පෙබරවාරි 24, 2016

    සුළු පක්ෂ හෝ සුළු ජාතීන්ගේ අයිතීන් යටපත් කරන්නට මැතිවරණ ක්‍රමය තුළින් බලාපොරොත්තු වෙන්නේ නෑ. සුළු පක්ෂ හා සුළු ජාතීන් නියෝජනය කරන මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුතුයි'' යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා යෝජනා සම්මතය පිළිබඳව විවාදයේ දෙවැනි දිනය වන අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිටම විධායක ජනාධිපතිධූරයේ ඇති අනිසි ප්‍රතිඵල දැකලා,විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි කියන ප්‍රතිපත්තියේ කටයුතු කළා.

     

    අද අපිට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ගැන කිසිම ප්‍රශ්නයක් ඇති විය යුතු නෑ කියලා. පොදු මතයකට පැමිණ තිබෙනවා,විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබඳව. අනර්ගතම දේශපාලන පරිවර්ථනයකටයි මේ යෝජනාව ගෙනැවිත් තිබෙන්නේ.

     

    විධායක ජනාධිපතිධූරය පිළිබඳව මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ ප්‍රකාශ ජනමාධ්‍ය මඟින් සිදු කළාද? ආසනයක ජීවත්වන සියලු දෙනාට වගකියන මන්ත්‍රීවරයකු පත් කරන ඡන්ද ක්‍රමයක් අවශ්‍ය කියන කාරණය කිසිදු විවාදයක් නොමැතිව පිළිගන්නවා. සියයට 95%ක් නව ඡන්ද ක්‍රමයක්, ආසනයට වගකියන මන්ත්‍රීවරයකු පත් කරන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳ විශ්වාසයක් තබා තිබෙන්නේ.

     

    ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය 20 වැනි සංශෝධනය පිළිබඳව ප්‍රකාශ කළා. සාකච්ඡාවලදී කකුලෙන් ඇද්දා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම පිළිබඳව විශාල බලාපොරොත්තුවකින් සිටින්නේ.මේ රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකනවා.ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් ප්‍රමුඛව සාකච්ඡා කළ යුත්තේ, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධවයි.ගැටලු සාකච්ඡාවෙන් විසඳාගත හැකියි.

     

    සුළු පක්ෂ හෝ සුළු ජාතීන්ගේ අයිතීන් යටපත් කරන්නට මැතිවරණ ක්‍රමය තුළින් බලාපොරොත්තු වෙන්නේ නෑ.සුළු පක්ෂ හා සුළු ජාතීන් නියෝජනය කරන මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර මතය සුළුතරය මත පැටවීම නොවෙයි. සුළුතරය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.ඔවුන්ගේ මතයත් පාර්ලිමේන්තුව තුළ හඩ නැගීමට අවස්ථාවක් සළසා දිය යුතු බව අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya