අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගන්නවා-ක්‍රීඩා අමාත්‍ය

    පෙබරවාරි 23, 2016

    හෝමාගම,දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරාගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    මහාචාර්ය ආශූ මාරසිංහ මහතා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින බවත් එය ක්‍රීඩා අමාත්‍යාංශයට අයිති නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.


    ක්‍රීඩාංගනයේ නවීකරණයට රුපියල් මිලියන 65ක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගෙන ශක්තිමත් වැඩපිළිවෙළක්, අග්‍රාමාත්‍යතුමා පත් කළ කමිටුව හරහා සිදු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya