අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වසා දැමීමට අවශ්‍ය නෑ- ක්‍රීඩා අමාත්‍ය

    පෙබරවාරි 23, 2016

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වසා දැමීමට අවශ්‍ය නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර රටට ප්‍රයෝජනවත් වැඩපිළිවෙළකට යෑමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 4283ක් වැය කර තිබෙන බව කී අමාත්‍යවරයා,මේ වනවිට අන්තර්ජාතික එක්දින,ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ ඇතුළුව තරඟ විස්සක් පමණක් පවත්වා තිබෙන බවත් පැවසී ය.

     

    මෙම ක්‍රීඩාංගනය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරනවා.අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    ක්‍රීඩාංගනය අවට හෝටල් පහසුකම් නොමැතිවීම ගැටළුවක් වී තිබෙන බව කී අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයාගේ ද අඳහසක් අනුව ජාත්‍යන්තර පුහුණු ස්ථානයක් බවට පත් කිරීමට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසී ය.ඒ නිසා ක්‍රීඩාංගනය වසා දැමීමට අවශ්‍ය නොවන බවත් රටට ප්‍රයෝජනවත් වැඩපිළිවෙළකට යෑමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya