අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේ දී ...

    පෙබරවාරි 23, 2016
    09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 
    යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර එහිදී බාලදක්ෂ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි. 
     
    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියේදී බාල දක්ෂ ව්‍යාපාරය සතු ශක්තීන් ඉතා විශිෂ්ඨ බව පැවසීය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා  මමත් බාලදක්ෂයකු ලෙස කටයුතු කරපු නිසයි අද ශ්‍රි ලංකාවේ ජනාධිපති පදවියට පත්වී සිටින්නේ. විශේෂයෙන් මේ දරුවන් අතරෙනුත් අනාගතයේදී ජනාධිපතිවරුන් රාජ්‍ය නායකයින් බිහිවිය හැකියි.
     
    ඉරිසියාව, වෛරය නැති මනුස්සකම, ගුණාත්මක කම සපිරි ව්‍යාපාරයක් ලෙසද බාල දක්ෂ ව්‍යාපාරය හැදින්විය හැකිය. ඕනෑම  රටක ප්‍රශ්න විසදීමේදී බාල දක්ෂ ව්‍යාපාරය තුලින් ලැබෙන පිටුවහල ඉතා විශාලයි. මේ තුල ජාති ආගම්, කුල ආදී කිසිදු භේදයක් නොමැති වීම සැමටම ආදර්ශයකි.
     
    බාල දක්ෂ ව්‍යාපාරය ගොඩ නැගීම සදහා රජයක් විදිහට උපරිම සහාය ලබා දීමට කිසිදු පැකිලීමක් කරන්නේ නැහැ. මේ සදහා කැපවී කටයකු කරන සියලුම දෙනාට අපගේ ගෞරවය  හිමිවිය යුතුයි. බාල දක්ෂ ව්‍යාපාරය රටේ ගෞරවයට පාත්‍රවී තිබෙන අතර කිසිදු විවේචනයකට ලක් නොවන ව්‍යාපාරයක් ලෙසද මෙය හැදින්විය හැකි බවද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.
     
    එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන, ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වරණවත් කෙරිණි.
     
    බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.
     
    උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya