අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භික්ෂු විශ්වවිද්‍යාලයේ නව සිව් මහල් පුස්තකාල ගොඩනැගිල්ල විවෘත වෙයි

    පෙබරවාරි 22, 2016

    අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ නව සිව් මහල් පුස්තකාල ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (22) පස්වරුවේ විවෘත කෙරිණි.

    සියලු පහසුකම් සහිතව මෙම පුස්තකාල ගොඩනගිල්ල ඉදිකර තිබෙන අතර සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

    අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි සෑය මහා විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, කොළඹ විද්‍යාලංකාර පරිවෙනාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචර්ය පූජ්‍ය කනත්තේගොඩ සද්ධාරතන යන නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya