අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවම් පොහෝ දින ආගමික වැඩසටහන්වලට ජනපති එක් වෙයි

    පෙබරවාරි 22, 2016

    ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ නවම් මස පුර පසළොස්වක පොහෝ දින   වැඩසටහන අද (22) පෙරවරුවේ කෑගල්ල ඓතිහාසික ඛෙලිගල, ශ්‍රී විජය සුන්දරාරාම රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ධර්ම දේශණය ශ්‍රවණය කිරීම එක්වූ අතර, ධර්ම දේශකයාණන් වුයේ අමරපුර මහා නිකායේ චුලගණ්ඨි පාර්ශවයේ මහා නායක ගංතුනේ අස්සජි නාහිමිපාණන් වහන්සේ ය.

    ධර්ම දේශණාව ශ්‍රවනය කිරීමට අමාත්‍යවරුන් වන කබීර් හෂිම්, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya