අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාව සහ ජර්මනිය අතර අවබෝධතා ගිවිසුම් 03 කට අත්සන් තැබේ

    පෙබරවාරි 18, 2016

    ශී‍්‍ර ලංකාව සහ ජර්මනිය අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සදහා අවබෝධතා ගිවිසුම් 03 කට ඊයේ (17) අත්සන් තැබිණි.

    දෙරට අතර සංස්කෘතික සබදතා හා අධ්‍යාපන ප‍්‍රතිපත්ති පිළිබද ඒකාබද්ධ සහයෝගිතා ගිවිසුමකට දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් අත්සන් තැබු අතර දෙරටේ අධ්‍යාපනය, භාෂාව, ගාන්ධර්ව විද්‍යාව, උරුමයන් හා කලා සංරක්ෂණය, උසස් අධ්‍යාපනය හා කි‍්‍රඩා යන ක්ෂේත‍්‍රයන් මෙමඟින් ආවරණය කෙරෙයි.

     

    ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව හා ජර්මන් ශාස්තී‍්‍රය හුවමාරු සේවාව අතර ශාස්තී‍්‍රය සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ඊටද අත්සන් තැබුවේ දෙරටේ විදේශ අමාත්‍යවරු විසිනි.

     

    මෙමගින් දෙරටෙහි උසස් අධ්‍යාපන පද්ධතීන්හි තොරතුරුවලට ඇති ප‍්‍රවේශය වැඩි කිරීම, දෙරටෙහි ශාස්තී‍්‍රය හුවමාරුවට දිරිදීම, ඒකාබද්ධ ව්‍යාපෘති වල සංචලතාව ඉහළ දැමීම අපේක්ෂා කෙරේ.

     

    දකුණු ආසියානු ආයතනයන් තුළ ශී‍්‍ර ලංකා අධ්‍යයන අංශයක් පිළිබද හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලය සමඟ සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

     

    හයිඩල්බර්ග් විශ්ව විද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය බර්නහාර්ඞ් අයිට්ල් හා ජර්මනියේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාරත්න අමුණුගම යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya