අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොබියව ශී‍්‍ර ලංකාවට පැමිණ ආයෝජන සිදු කරන්න – ජනපතිගෙන් ජර්මන් ආයෝජකයින්ට ඇරයුම්

    පෙබරවාරි 20, 2016

    තරගකාරී ලෝක ආර්ථිකය තුළ පෙරට ඒමට ශී‍්‍ර ලංකාව දැන් සූදානම් බැවින් නොබියව ශී‍්‍ර ලංකාවට පැමිණ ආයෝජන සිදු කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජර්මන් ආයෝජකයින්ට ඇරයුම් කළේය.

    ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩය සහ ජර්මන් ව්‍යාපාරික කවුන්සිලය විසින් සංවිධානය කළ ව්‍යාපාරික සමුථවක් ඊයේ (18) පස්වරුවේ ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වුණු අතර එම සමුථව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    ජර්මනියේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම් 250 ක් පමණ නියෝජනය කරමින් නියෝජිතයින් ඊට එක්ව සිටියහ.

    සමුථව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස සහ සාමය තහවුරු වූ ශී‍්‍ර ලංකාව තුළ අද ආයෝජනවලට මිත‍්‍රශීලි වාතාවරණයක් ගොඩ නැගී ඇති බවයි.

    එමෙන්ම ආයෝජකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට ද රජය කැපවී සිටින බව පැවසූ ජනාධිපතිතුමා මෙම අවස්ථාවෙන් ජර්මන් ව්‍යාපාරිකයින් ප‍්‍රයෝජන ගැනීම දෙරටේම ආර්ථික යහපතට හේතුවන ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධන අරමුණු ජයග‍්‍රහණය කිරීමේදී ලෝකයේ දියුණු රටවල තාක්ෂණික දැනුම ලබා ගැනීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා පැවසීය.

    pmd

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya