අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනෙන් පිටත්ව ගිය ජනපති ජර්මනියට ළගාවෙයි

    පෙබරවාරි 16, 2016

    ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර ආර්ථීක හා වෙළෙද සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා වේලාවෙන් අද(16) පෙරවරුවේ ටෙගල් (Tegal) - ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජර්මනියට ළගාවිය.

    ගුවන්තොටුපළේදී ජර්මන් රජයේ ප්‍රධාන සංධාන නිළධාරී ජර්ගෙන් ක්‍රිස්ටියන් මර්ටෙන්ස් (Jurgen Christian Mertens) - මහතා සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා ඇතුඑ තානාපති නිළධාරීන් විසින්  ජනාධිපතිතුමා පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා නවාතැන්ගත් හෝටලයේදී ද විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.

     

    ජනාධිපතිතුමා සමග පිටත්ව ගිය ශ්‍රී ලංකා දූත පිරිසට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ යන මහත්වරුන්ද එක්ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya