අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නිපෝන්මාරුවේ සංචාරයක

    පෙබරවාරි 15, 2016

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (14) රාත්‍රි ජපන් මිත්‍රත්වයේ නිපෝන්මාරු ලෝක තරුණ නෞකාව තුළ විශේෂ සංචාරයක නිරතවුහ.

    ශ්‍රී ලංකාවට පැමිණි ජපන් මිත්‍රත්වයේ නිපෝන්මාරු ලෝක තරුණ නෞකාවේ සුහද හමුව ඊයේ (14)  රාත්‍රියේදී පැවැත්විය.

    රටවල් 11ක් නියෝජනය වන පරිදි තරුණ තරුණියන් 243න් දෙනෙකු මෙම චාරිකාවට සහභාගීවී තිබේ.

    නිපොන්මාරු නෞකාව පෙබරවාරි 14 දින සිට 17 දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා සිටින අතර ලංකාවට පැමිණි  තරුණ පිරිස කොළඹ  අවට විශේෂ ස්ථාන රැසක සංචාරය කිරීමටද නියමිතයි. 17 වනදා ලංකාවෙන් පිටත්ව යන නිපොන්මරු නෞකාවේ මීළග නවාතැන වන්නේ සිංගප්පුරුවයි.

    මෙම අවස්ථාවට ජපන් රජයේ ශ්‍රී ලංකා තානාපති කෙනෙචි සුගුනුමා (kenechi sugunuma) මහතා ඇතුළු ජපන් රජයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.අයි.එම්. රෆීක් මහතා ඇතුළු ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද, ජපන් මිත්‍රත්වයේ නිපෝන්මාරු ලෝක තරුණ නෞකාව සමග පැමිණි තරුණ පිරිසද සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya