අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා-අගමැති

    පෙබරවාරි 15, 2016

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ජනතාව නියෝජනය කරන කණ්ඩායමක්.පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන ආංශික අධීක්ෂණ කාරකසභාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පාර්ලිමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව අද (15) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

     

    එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්භාවනීය සභාව අමතමින් මේ බව පැවසී ය.

     

    අපි බැලුවේ කොහොමද මන්ත්‍රීවරු මේ වැඩකටයුත්තට සම්බන්ධ කරගන්නේ කියලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ජනතාව නියෝජනය කරන කණ්ඩායමක්. ඉන් කොටසක් ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු කරලා, අනෙක් අය පැත්තකට දාන එක වැඩක් නෑ. මේ   විදියට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් වැඩ කොටසක් තියෙවි.


    පාර්ලිමේන්තුවට තව බර දීලා,පාර්ලිමේන්තුව අපේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය කරන්න ඕන.ව්‍යවස්ථාව සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවට පමණයි. පළාත්සභා පිළිබඳව ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුව පමණයි.පොදු මුදල් කටයුතු පාලනය කරන්නේ පාර්ලිමේන්තුව පමණයි.එම බලතල ජනපතිට හෝ කැබිනට් මණ්ඩලයට නෑ.අලුත් ව්‍යවස්ථාවකදී අපි බලන්න ඕන මේ බලතල තවදුරටත් ශක්තිමත් කරන්න.පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න අපි පියවර කීපයක් අරගෙන තිබෙනවා.

     

    ඉන් ප්‍රධාන එකක් කරකසභ ක්‍රමය.නීතියක් සම්මත කිරීම පාර්ලිමේන්තුවේ වැඩකටයුත්තක්.මෙතැන සම්මතවන නීතිත්,සම්මත වී තිබෙන නීතිත් කොහොමද ක්‍රියාකරන්නේ කියලා, පාර්ලිමේන්තුවට වගකියන්න අවශ්‍යයි.ඒ වගකීම අපි කාරකසභා මාර්ගයෙන් ක්‍රියාත්මක කරනවා.සමහර තැන්වල නීතියක් නැතිව නිලධාරීන් ක්‍රියාකරනවා.මුදල් වියදම් කිරීම් බලන්නත් වෙනවා.

     

    මේ ගැන දැනුවත් කරන්න එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවෙන් පැමිණ තිබෙනවා.කොමිටි ප්‍රසිද්ධ කළ යුතුද,නැද්ද කියන අයිතිය තියෙන්න ඕන.ඇමෙරිකාවේ හැම කොමිටියක් ම  ප්‍රසිද්ධ කර තිබෙනවා.ජාතික ආණ්ඩුවක් ඇති කරලා,පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ගන්නා පියවරක්.අපි අගමැතිවරයාගේ ප්‍රශ්න අවස්ථාව ඇති කර තිබෙනවා.

     

    ස්වාධීන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ඇති කරන්නට තිබෙනවා.අපි කෙටුම්පතක් හදලා තියෙනවා. පක්ෂ නායකයින් එකඟවන අවස්ථාවේ එය පාර්ලිමේන්තුවට දාන්න පුළුවන්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා,ඇතිකළ ජාතික ආණ්ඩුව නිසාමේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.ක්‍රියාත්මක කරන්න පුළුවන්. කාරකසභාවලට ඇමැතිවරු කැඳවනවා පමණක් නොවෙයි, පළාත්සභාවල මහමැතිවරු,පළාත් ඇමැතිවරු කැඳවීමේ අයිතියත් තිබෙනවා.

     

    මේ ක්‍රමවේදය හදන එක ඔබේ යුතුකම.කාරකසභා සභාපතිවරුන්ට ඇමැතිවරු වගේම විශාල බලතල තිබෙනවා.තම අත්දැකීම් ලබාදෙන්න එක්සත් රාජධානී පාර්ලිමේන්තුවෙන් පැමිණි මන්ත්‍රීවරුන්ටත් අපේ ස්ථූතිය පුද කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.


    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හොඳ සංකල්පයක්
    කරූ ජයසූරිය- කතානායක

     

    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හොඳ සංකල්පයක්.අපි විවිධ පියවර ගෙන තිබෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට. පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කළා.කොමිෂන් සභා ක්‍රියාත්මක කළා. ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍යයි. දැන් නිවැරැදි මාවතකට ඇවිත් තිබෙනවා.ආංශික අධීක්ෂණ කාරකසභා පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හොඳ සංකල්පයක.ඒ අනුව ශ්‍රී ලංකව තව ඉදිරි පියවරක් තැබුවා.

     

     


    යහපාලනය වෙනුවෙන් වූ පුළුල් හා ව්‍යාප්ත වූ කාරකසභා ක්‍රමයක්
    ආර්.සම්බන්ධන්- විපක්ෂ නායක

     

    අපිට මේ රටට වැඩදායි යමක් කරන්නට පුළුවන්.දැනටමත් අපි කාරකසභා ක්‍රමය හඳුන්වාදී තිබෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් අදහස් ඉදිරිපත් කරන්නට මෙය ප්‍රයෝජනවත් මෙයි කියා මම හිතනවා. සහයෝගීතාවය වර්ධනය කරන්නට හැකි වෙනවා. මුදල් අධීක්ෂණයට මේ කාරකසභා ක්‍රමට අවස්ථාව ලැබෙනවා. පුළුල් විෂයන් රැසක් ආවරණය කරන කාරකසභා ක්‍රමයක්. යහපාලනය වෙනුවෙන් වූ පුළුල් හා ව්‍යාප්ත වූ කාරකසභා ක්‍රමයක්.අපව තෝරාපත් කරගෙන සිටින්නේ ජනතා නියෝජනය සඳහායි. විවිධ කාරනා පිළිබඳව අපිට පාර්ලිමේන්තුවේ දී කතා කිරීමට සිද්ධ වෙනවා. අද වැඩමුළුවෙන් ශ්‍රී ලංකාව හා මහාබ්‍රිතාන්‍ය අතර සබඳතාව තවත් ශක්තිමත් වෙනවා.

     

     

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හොඳ පාලනයක් ජනතාවට ලබාදීමට ඉඩකඩ සැළසෙනවා-මහාබිතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයේ  මන්ත්‍රිනී මහාමාන්‍ය පියෝනා මැක්ටගාඩ්-

     

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට ලැබීම විශේෂ අවස්ථාවක්.අප සුවිශේෂී කාර්යකට පැමිණ තිබෙනවා.වසර ගණනාවකට පෙර කාරකසභා ක්‍රමය ලංකාවේ තිබී ඇති බව කියවා තිබෙනවා.එක්සත් රජධානිය තුළ අපි කාරකසභා ක්‍රමය ආරම්භ කර තිබෙනවා.මින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හොඳ පාලනයක් ජනතාවට ලබාදීමට ඉඩකඩ සැළසෙනවා.මෙම ක්‍රමය ඉතාම ප්‍රතිඵලදායී ක්‍රමයක්.

     

     

     

     

    ආංශික අධීක්ෂණ කාරකසභා ක්‍රමය,මූල්‍ය කාරක සභා ක්‍රමය හඳුන්වාදීම තුළින් පාර්ලිමේන්තුවට නව පිටුවක් පෙරලෙනවා- ධම්මික දසනායක , මහලේකම්

     

    අලුත් කාරකසභ ක්‍රමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.ආංශික අධීක්ෂණ කාරකසභා ක්‍රමය,මූල්‍ය කාරක සභා ක්‍රමය හඳුන්වාදීම තුළින් පාර්ලිමේන්තුවට නව පිටුවක් පෙරලෙනවා.මෙම කාරක සභාවට ලැබෙන බලය ඉතාම පුළුල්.සෑම පනතක්,පනත් කෙටුම්පතක් පිළිබඳව සළකා බැලීමට මේ කාරක සභාවට බලය ලැබෙනවා.ඉන් පසුව සවිස්තරාත්මක වාර්තාවක් කාරකසභාව මඟින් පාර්ලිමේන්තුවට ලබාදෙනවා.

     

    රාජ්‍ය මුදල් කළමනාකරණය,භාවිතය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වී එය පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.ආදායම් එක්‍රැස් කිරීම,රාජ්‍ය ණය කළමනාකරණය,අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.

    මේ පිළිබඳව දැනුම,නිපුනතාව වර්ධනය කිරීම වර්ධනය කිරීම නිසා අපේ මන්ත්‍රීවරුන්ට හැකි වෙනවා මෙහි යම් වගකීමක් දරන්නට පක්ෂ හා විපක්ෂ භේදයකින් තොරව.

     

     

    මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක, කරක සභා සභාපති එස්.අඩෙක්කලනාදන්, එක්සත් රාජධානියේ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රි මහාමාන්‍ය පියුනා මැට්ගර්ඩ්, මන්ත්‍රී ජුලී එළියට්, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් James Daurisශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්  ධම්මික දසනායක,නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, සහකාර  මහලේකම් කෙ.ඒ.රෝහණධීර යන මහත්ම මහත්මීහු ඇතුළු,පාර්ලිමේන්තු මැති ඇමැතිවරු,පාර්ලිමේන්තු නිලධාරීහු රැසක්එක්ව සිටියහ.

     

     

     

    parli commi

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya