අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපොන්මාරු නෞකාව නැරඹීමට ජනපති එක්වෙයි

    පෙබරවාරි 15, 2016

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කොළඹ වරායට පැමිණි නිපොන්මාරු නෞකාව නැරඹීම සඳහා ඊයේ (14) එක්විය.

    විවිධ රටවල් නියෝජනය කරමින් නිපොන් මාරු නෞකාවේ පැමිණි තරුණ තරුණියන් හමු වී සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ සංචාරයේ අත්දැකීම් පිළිබද අදහස් හුවමාරු කර ගත්තේය.

     

    වසරක් පාසා ලොව පුරා තරුණ තරුණියන් දෙසීයකට අධික පිරිසක් සමගින් ජාතීන් අතර සහයෝගය, සමගිය සහ මිත‍්‍රත්වය රැගෙන ලෝක සංචාරයේ යෙදෙන ජපානයේ නිපොන්මාරු නෞකාව ඊයේ (14) දහවල් කොළඹ වරායට පැමිණියේය.

     

    විසි අටවැනි වරට ලෝක සංචාරයේ යෙදෙන නිපොන් මාරු නෞකාව පසුගිය ජනවාරි 28 දින ජපානයේ යොකොහොමා වරායෙන් ගමන් ඇරඹු අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරුණ තරුණියන් 12 දෙනෙක් මෙවර චාරිකාවට එක්ව සිටිති.

     

    ජපානය, ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 11 ක් නියෝජනය කරමින් තරුණ නායකයන් 243 දෙනෙකු මෙවර සංචාරය සඳහා එක්ව සිටින අතර නිපොන් මාරු නෞකාව පෙබරවාරි 17 දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

     

    විවිධ රටවල සංස්කෘතීන් හුවමාරු කර ගැනීම, ජාතීන් අතර මානව සඳතා වැඩි දියුණු කර ගැනීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජපන් රජයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන මෙම වැඩසටහනේ ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරනුයේ ජාතික තරුණ සේවා සභාව විසිනි.

     

    නිපොන් මාරු ලෝක සවාරිය පෙබරවාරී 29 වැනි දා ජපානයේ යොකොහොමා වරායෙන් නිමාවට පත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya