අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජර්මානු සංචාරය අරඹමින් දිවයිනෙන් පිටත්ව යයි

    පෙබරවාරි 15, 2016

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජර්මනියේ තෙදින රාජ්‍ය සංචාරයක් සහ ඕස්ටි‍්‍රයාවේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

    කටාර් ගුවන් සේවයට අයත් QR 655 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත් විය.

    ඇන්ජෙලා මර්කල් ජර්මානු චාන්සල්වරියගේ ආරාධනයකට අනුව, ශී‍්‍ර ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ජර්මානු සංචාරයට එක් වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ශී‍්‍ර ලංකාවට ආර්ථික සහ සංවර්ධන ප‍්‍රතිලාභ රැසක් මෙම සංචාරය මගින් හිමි කර ගැනීමට අපේක්ෂා කරයි.

    ජර්මනියට පැමිණෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරියගේ ප‍්‍රධානත්වයෙන් 17 වනදා පෙරවරුවේ පැවැත්වෙන අතර ජනාධිපතිතුමා වෙනුවෙන් ජර්මන් රජයේ විශේෂ උත්තමාචාරය පිළිගැන්වීම ද එහිදී සිදු කෙරේ.

    ජර්මන් පාර්ලිමේන්තුව වෙත යන ජනාධිපතිතුමා ජර්මන් රජයේ පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන නියෝජිතයින් හමුවීමට ද නියමිතය.

    මෙම සංචාරය අතරතුර ජනාධිපතිතුමා ජර්මන් විදේශ අමාත්‍යවරයා සහ ජර්මන් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හමුවී දෙරටේ ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇත.

    තෙදින ජර්මන් නිල සංචාරය නිමා කරන ජනාධිපතිතුමා 19 වනදා ඕස්ටි‍්‍රයාව බලා පිටත්ව යාමට නියමිතය.

    සිය දෙදින ඕස්ටි‍්‍රයා නිල සංචාරය තුළදී ඕස්ටි‍්‍රයානු ජනාධිපති හෙයින්ස් ෆිස්කර් මැතිතුමා ඇතුළු එරට ප‍්‍රධාන පෙළේ නියෝජිතයින් පිරිසක් සමඟ ජනාධිපතිතුමා ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

    එමෙන්ම ජනාධිපතිතුමා ඕස්ටි‍්‍රයානු ව්‍යාපාරික සංගමය සමඟ හමුවකට ද එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya