අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු හිගයට රැකියා විරහිත උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර

    පෙබරවාරි 14, 2016

    පාසල්වලට අවශ්‍ය සම්පත් ලබාදී නැණවත් දරු පරපුරක් රටට දායාද කරමින් ජාත්‍යන්තරය දිනාගැනීමට දරුවන් සූදානම් කිරීම රජයේ ප‍්‍රමුඛ වගකීමක් වන බවත් රැකියා විරහිත උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගෙන පාසල් පද්ධතියේ පවතින ගුරු හිගය පියවා ගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපතිතුමාව මේ බව සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ මින්නේරිය ජාතික පාසලේ කනිෂ්ඨ විද්‍යාගාරය හා තාක්ෂණාගාරය සිසු අයිතියට පවරාදීම සහ ඉදිකිරීමට නියමිත ශ‍්‍රවණාගාරයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි.

     

    රටක් සංවර්ධන කිරීමේදී එය සෑම ප‍්‍රදේශයකටම විහිදයන සමබර සංවර්ධනයක් විය යුතු බැවින් සම්පත් සාධාරණ ලෙස බෙදාහැරීම නව රජයේ ප‍්‍රතිපත්තිය බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

     

    සංවර්ධන ව්‍යාපෘතීන් ක‍්‍රියාවට නැංවීමේදී ප‍්‍රමුඛතාවයන් හදුනාගැනීම අත්‍යවශ්‍ය වනවා මිස පුද්ගල අවශ්‍යතා වලට ප‍්‍රමුඛතාවය නොදිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා දරුවන්ගේ අධ්‍යාපනය සදහා කරන ආයෝජන දීර්ඝකාලීන ආයෝජන වන බැවින් සංවර්ධන ව්‍යාපෘතීන් කිි‍්‍රයාවට නැංවීමේදී අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගා සිටුවීම කෙරෙහි රජය දැඩි අවධානය යොමු කරන බවද පැවසීය.

     

    මින්නේරිය ජාතික පාසලේ පරිසර නියමු භටයන් සිව් දෙනෙකු හට නිල ලාංඡන පැළදවීම සහ අත්පොත් පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදුවිය.

     

    උතුරු මැද පළාතේ හොදම කෙටි කතා රචනය සඳහා සම්මාන දිනූ ශිෂ්‍යයෙකු හට ජනාධිපතිතුමා විසින් තිළිණයක් පිරිනමනු ලැබීය.

     

    මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ ඇතුඑ මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නාලක කොලොන්නේ, සිඩ්නි ජයරත්න යන මහත්ම මහත්මීන් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya